ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්රයන්ගේ උන්නතිය වෙනුවෙන් තම උදව් ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කර සිටිනවා.
මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඔස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ අද (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ.
තනි රටක් ලංකාවට ලබා දුන් වැඩි ම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරමින් කියා සිටියේ.
මෙම පියවර ආරම්භයක් පමණක් බවත් මතුවටත් තවත් විවිධ වූ ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බවත් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.