ශ්‍රී ලංකා චීන තානාපති කිව් ශෙන්ග්හොං (Qi Zhenhong) සහ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් (Julie Chung) අතර හමුවක් අද (13) සිදුව තිබෙනවා.
කොළඹ චීන තානාපති කාර්යාලයේදී මෙම හමුවීම සිදුව ඇති අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තනාපතිවරුන් අතර අන්‍යයෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන මාතෘකා සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර ඇති බවයි.
ශ්‍රී ලංකාවට කාලීනව මතුව පවතින දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය එක්ව කටයුතු කළ හැකි බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇය සිය නිල ට්විටර් ගිනුමේද මෙය සටහන් කරා තිබුණි.
