අද (12) දිනයේ සිට ඉන්දීය රජය විසින් ලංකාවට ලබාදුන් යුරියා පොහොර තොගය බෙදාහැරීම් කටයුතු ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් දැන් ඇත්තේ බෙදාහැරීමේ හැරීමේ කාර්යයන් බවත් එම බෙදාහැරීම් ඉදිරි දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
රුපියල් 10,000ක සහනදායි මුදලකට කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් ගොවීන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.