කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබාදීමට එකඟවී තිබුණද මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සමගි ජන බලවේගයේ යාපහුව ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර තිබෙනවා.
කෝප් සහ කෝපා කමිටුවලින් දුෂණ චංචා අනාවරණය කිරීම නිසා ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියවී ඇති බවත් ඒ හේතුවෙන් එම පක්ෂයටම සභාපති ධූරයට ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.