නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.