රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නොරච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර හෙට වනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිත බවත් ජල විදුලි උත්පාදනයට සමගාමීව ලබන සතිය මුල වන විට මුළු රටටම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය අවධානය යොමුකරමින් සිටින බවත් ඔහු පැවසීය.

“ජූනි පළමුවැනිදා වන විට අඛණ්ඩ විදුලිය ලබාදීමට මූලික සැලැස්මක් තිබුණත් ලබන සතියේ මුල සිට එය ආරම්භ කළ හැකිද යන්න පිළිබඳව අපි දැන් සොයා බලනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා කියා සිටියේ මෙම තීරණයත් සමඟ පුද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රැස් නොකිරීම ජනතාවගෙන් අපේක්ෂා කරන බවයි. එබැවින් සාමාන්‍ය ජනතාවට ප්‍රවාහන අවශ්‍යතා සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගත හැකිවිය යුතුය.
ප්‍රමුඛතාවය මත විදුලි අර්බුදයට තිත තැබීමට රජය අපේක්ෂා කරන නමුත් ඉන්ධන අර්බුදයට කෙටිකාලීන විසඳුමක් නොමැති බව කාංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියා.
මූලාශ්‍රය: නිව්ස් වයර් වෙබ් අඩවිය