වර්තමානයේ දැඩි ආර්ථික ව්‍යසනයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වීඩියෝවක් නිකුත් කරමින් සියලු ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ද මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) ඒකාබද්ධ සැලැස්මක් දියත් කිරීමට අද එක්ව තිබුණු බව දක්නට ලැබුනා.
ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සිව් මසක කාලයක් තුළ ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා මානුෂීය ආධාර වශයෙන් ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 47.2ක් මෙම වැඩසටහන හරහා රැස් කිරීමට නියමිතව පවතී.
ඉහත කී පරිදි වීඩියෝ පණිවුඩයක් මගින් ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත් කර තිබෙන බව සඳහන් වනවා.