Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ‘ඔස්ට්‍රියානු සංස්කෘතික භීතිකාව නොහොත් ආගමික මිථ්‍යාවෙන් සියදිවි නසා ගැනීම’ – ‘The Devil’s Bath’
Entertainment 5 Views

‘ඔස්ට්‍රියානු සංස්කෘතික භීතිකාව නොහොත් ආගමික මිථ්‍යාවෙන් සියදිවි නසා ගැනීම’ – ‘The Devil’s Bath’

Buzzer EditorialBy Buzzer EditorialJanuary 24, 2025Updated:January 24, 2025No Comments4 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව විසින් වනයේ කඳුකරය අසබඩ පිහිටි දියඇල්ලක ඉහත්තාව අසල නතර වෙයි. ඇගේ ගෙලෙහි ඇති ඇට මාලය ගලවා බිළින්දා ගෙලෙහි පළඳවයි. බිළින්දා නොනවත්වා හඬයි. බිළින්දාගේ හඬත්, දියඇල්ලේ ජල පහරේ හඬත් අනුනාද වෙයි. ඊළඟට රූපය ජේදනය වන්නේ එකවරම මව විසින් බිළින්දා දියඇල්ලෙන් පහළට දමන සමීප රූපයකිනි. බිළින්දා දියඇල්ලේ ගල තලාවන් දිගේ ලිස්සා ගොස් අතුරුදහන් වෙි. මව වහා දිවයන්නේ මීදුමින් වෙළාගත් මන්දිරයක් බඳු පල්ලියක් වෙතට ය. එය විසල් පල්ලියක් බව සංඥා කරන්නේ දිගු රූපයකිනි. මව විසින් පල්ලිවේ ලී දොරට තට්ටු කර පවසන්නේ තමන් මනුෂ්‍ය ඝාතනයක් කළ බවයි. පල්ලියේ ඇතුළත සිටින යමෙකු ඇයව ඇතුළට පැමිණෙන්නැයි සංඥා කරයි. ඇය සිදු කළ ඝාතනය වෙත දඬුවමි ලබයි. දඬුවම වන්නේ අංග ජේදනයයි. ඇඟිලි, හිස, අත් කපා දමයි. නූතනයේ සිදු වූ සිදුවීමක පුනරූපණයක් නොවෙි. 18වැනි ශතවර්ෂයේ ඔස්ට්‍රියාවෙි එක් ගම්මානයක සිදු වූ සත්‍ය ඛෙිදවාචකය පිළිබිඹුවක් බව ප්‍රේක්ෂකයාට අව⁣බෝධ කරවයි. මෙි ‘The Devil’s Bath’ ඔස්ට්‍රියානු චිත්‍රපටයේ ආරමිභයයි.


‘The Devils Bath’ චිත්‍රපටය ඔිස්ට්‍රියාවෙි අතීත සංස්කෘතික කාරණා පෙරදැරිව කළ නිර්මාණයකි. ජර්මානු භාෂාව කතා කරන මධ්‍යම යුරෝපයේ සහ ස්කැන්ඩිනේවියාවේ 17වන සහ 18වන සියවස්හිදී සංස්කෘතික සමාජයක් පිළිබඳ චිත්‍රපටය හෙළිදරවි කරන්නට උත්සාහ ගනියි. ඔිස්ට්‍රියානු ජන සමාජයේ මුල්බැසගෙන තිබූ විවාහ චාරිත්‍ර, දඬුවමි ක්‍රම, දිවි පැවැත්ම පිළිබඳ සාධක රැසක් නිරූපණය වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘ඇග්නස්’ නමි තරුණියයි. ඇය විවාහ වන්නේ ‘වුල්ෆ්’ නමැති පුද්ගලයා සමඟයි. විවාහ චාරිත්‍ර වෙනස්ය. පල්ලියේදි හෝ යමෙකු ඉදිරියේ විවාහ ගිවිස ගැනීම හෝ දිවුරුම් දීම වැනි විවාහ චාරිත්‍රමය ක්‍රියාවක් සිදු කරන්නේ නැත. ඇය පුටුවක තබා, රෙදි කඩකින් ඇගේ හිස වටා දවටයි. ඉන් අනතුරුව ඇගේ අතට ළදරුවකු සංකේතවත් කරන පුළුන්, රෙදිවලින් සැකසු ව්‍යාජ රූකඩ බිළිඳකු ලබා දෙයි. ඉන් සංකේතවත් වන්නේ විවාහයේදී සාරවත් දරුඵල ලැබෙිවි යැයි යන විශ්වාසයි. ඇය විවාහ වන මනාලයා වමි පසින් සිටගෙන සිටියි. මොවුන් දෙපළ ඉදිරියේ විවාහ උත්සවයට ආ ගමිවැසියන් අත්පොළසන් දෙයි.

මනාලියගේ කාර්යය අවසන්ව වෙනත් චාරිත්‍රයකට විතැන් වෙයි. ඒ මනාලයාගේ චාරිත්‍රය ඉටු කිරීමය. මනාලයාගේ දෑස් රෙදි කඩකින් බඳියි. ඔහුව දෙවරක් තුන්වරක් කරකවා, ඔහු අතට වැනෙන පොල්ලක් වැනි ආයුධයක් ලබා දෙයි. ඉන් අනතුරුව ඔහු සිදු කළ යුතු කාර්යය වන්නේ තාම ඉදිරියේ ඇති ගැට ගැසු කුකුළාව එස ආයුධයෙන් ගසා මරා දැමිය යුතු ය. මනාල⁣යාගේ චාරිත්‍රය එපමණ ය. මේ 18-19 සියවස්වල යුරෝපයේ තිබු මංගල චාරිත්‍රයකි. චිත්‍රපටයේ අප දකින සියළු චාරිත්‍ර වාරිත්‍ර, අභිචාර විධි ද එම යුගය සවිස්තරාත්මක කරයි. ඔවුන්ගේ ජීවිත ගෙවුණේ ධීවර කටයුතුවලිනි. ගංගා ද්‍රෝණිවල සිටින මසුන් ඇල්ලීමෙනි. මසුන් මැරීම පිරිමින් පමණක් නොව කාන්තාවන්ද සිදු කළහ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස ඇග්නස්ගේ භූමිකාව තුළින් ඇය සංඥා කරන දේවල් කිහිපයක් තිබෙි. ඇග්නස්⁣ගේ වින්දිකයකු ලෙස ඇගේ විවාහ දිවිය තුළින් ලබන අතෘප්තකර පීඩාකාරී බව සහ ආත්මය සෝදාපාළුවට ලක්වීම ඉස්මතු කරයි. දැඩ් පුරුෂාධිපත්‍යයට නතු වු සමාජයක ඇග්නස් වැනි වින්දිත ස්ත්‍රීයකට සවන් දීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හඟවන අදහසකි.
‘The Devils bath’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඔස්ට්‍රියානු සිනමාකරුවන් දෙපළක් වන ‘වෙරෝනිකා ෆ්රාන්ස්’ සහ ‘සෙවරින් ෆියාලා’ විසින්. චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත්තේද මොවුන් දෙපළ විසින්. කැතී ස්ටුවර්ට් විසින් රචනා කළ ”Suicide by Proxy in Early Modern Germany: Crime, Sin and Salvation” පර්යේෂණාත්මක කෘතිය ඇසුරින් චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත. මෙවර 97වැනි ඇකඩමි සම්මාන උළෙලේ ‘හොඳම ජාත්‍යන්තර භාෂා චිත්‍රපටය’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රියාවේ නිල ඉදිරිපත් කිරීම වන්නේ ‘The Devils Bath’ චිත්‍රපටයයි. මොවුන් දෙපළ විසින් 2014 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘Goodnight Mommy’ නමැති මනෝවිද්‍යාත්මක – හොරර් ශානරයේ චිත්‍රපටය 2015 පැවති 88වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර භාෂා චිත්‍රපටය අංශය යටතේ ඔස්ට්‍රියාව වෙනුවෙන් නියෝජනය කිරීමට සමත් විය.

ඓතිහාසික ශානරයේ චිත්‍රපටයක් නිසාවෙන් 18වැනි ශතවර්ෂයේ පැවති ඔස්ට්‍රියාවෙි පැරණි ගම්මානයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට නිෂ්පාදන කණ්ඩායමට සිදුවිය. ගම්මානයේ වෙසෙන ගම් වැසියන් නිරූපණය කිරීම සඳහා ගමිවැසියන් ලෙස අතිරේක නළුවන් 400ක් පමණ යොදාගන්නට සිදු වූ බව චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම පවසනවා.

17 වන සහ 18 වන සියවස්වල යුරෝපයේ, යමෙකුට සියදිවි නසා ගැනීමට අවශ්‍ය වූ විට ඔහු එක් පුද්ගලයකු ඝාතනය කරයි. ඝාතනය කර පල්ලිය වෙත පාපොච්චාරණය කරයි. පාපයෙන් ද පිරිසිදු වූ පසු, ඔවුන් ස්වර්ගයට ඇතුළු වීමට බලාපොරොත්තු වන අතර, සියදිවි නසාගැනීමෙි අපේක්ෂාව ඇයට ලැබෙි. ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ලබා දීමෙන් පසුව ඔවුන් පාපයෙන් ගැලවීම අත්කර ගනු ඇති බව විශ්වාසයයි. සියදිවි නසාගැනීම කරවන්නේ තමන් නොව අනුන් ය. එනමි පල්ලියයි. මෙම සියදිවි නසා ගැනීමට තැත් කළ අය බහුතරයක් කාන්තාවන් වූ අතර ඔවුන්ගේ ඝාතන ගොදුරු බවට පත් වූයේ මූලික වශයෙන් දරුවන් ය. ජර්මානු භාෂාව කතා කරන කලාපවල පමණක් මෙම සියදිවි නසා ගැනීම වෙනුවෙන් සිදු කරන ලද ඝාතන නඩු 400 කට වඩා ලේඛනගත කර තිබෙි.

‘The Devils Bath’ චිත්‍රපටය මෙම පීඩාකාරීවූත්, මිථ්‍යාමය පද්ධතියට එරෙහිව නඟන විරෝධී ප්‍රකාශනයක් ලෙස හැඳින්වීම උචිතය. එය ඇග්නස් නමැති කාන්තාවගේ දෘෂ්ටිකෝණය හරහා විරෝධීබව ප්‍රකාශ කරන්නේ සියුමිවය. මානසික රෝගවලින් පීඩා විඳින්නන්ට එකම විසඳුම ලෙස සියදිවි නසා ගැනීම වැනි තාවකාලික විසඳුමක ඇති ඵල රහිතබවත් නූතන ශිෂ්ටාචාරගත මානව ප්‍රජාවට චිත්‍රපටය විසින් යමි සංඥාවක් නිකුත් කරයි. ‘The Devils bath’ යනු මිනිස් සිතේ ගූඨ ස්වභාවයත්, සංකීර්ණ සිතුවිලිවලින් ගහණ මනස පිළිබඳ සිනමාලංකාරයකි.

මලින්ත විතානගේ

featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහිටපු ජනපති මහින්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Next Article හමාස් අද නිදහස් කරන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නම් කෙරේ
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.