ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.
ඔහු අවසන් තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර තරඟය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. ඒ අනුව මේ සුවිශේෂ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකියාව ලැබුණු අතරම ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී ලෝකඩ පදක්කමක් පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය ඉතිහාස ගත වෙයි.