ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලා සිටිනවා.
අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම පත්කරන කමිටුවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට භාරගන්නා ලෙසයි.
මෙයට ප්‍රතිචාර දක්වමින් රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කමිටුවක් අවශ්‍ය නොවන බවත් මුදල් කාරක සභාවට ඒ සම්බන්ධයෙන් බලතල ඇති බවයි.