අද (16) දින සිට QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාදීම විධිමත් කිරීම වෙනුවෙන් “ජාතික ඉන්ධන අවසරපත්‍රය” නම් වූ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අදහස් දක්වා සිටිනවා.
හඳුන්වාදෙන මෙම ක්‍රමවේදය හරහා සතිපතා සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කරගැනීමට සහ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව සතියට දින දෙකක් තම QR කේතය ඉන්ධන පිරවුම් හලට පෙන්වා ඉන්ධන ලබාගැනීමට මහ ජනතාවට ඉඩහසර ලැබෙන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
තමාගේ ඒ අදාළ වාහනයේ චැසි අංකය සහ අවශ්‍ය විස්තර තහවුරු කරගැනීමෙන් පසු, එක් ජාතික හැඳුනුම්පත් අංකයකින් එක් වාහනයකට පමණක් අදාළ වන ලෙස මෙම QR කේත අවසරපත්‍රය නිකුත් කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේද වැඩිදුරටත් පැහැදිලි කොට දක්වා තිබුණේ.
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය දැන් සජීවී වේ. ලියාපදිංචි වී ඔබේ QR කේතය ලබා ගන්න යොමුවන්න https://fuelpass.gov.lk/ වෙතට