මැයි මාසයට අදාළව ICC මාසයේ ක්රිකට් ක්රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් තේරී පත්වී තිබෙනවා.
නොබෝ දිනකට පෙර අවසන්වූ බංගලාදේශ තරඟාවලියේදී දස්කම් අතරට පිවිසි අසිත ප්රනාන්දු සහ බංග්ලාදේශ ක්රීඩක මුෂ්ෆිකර් රහීම්ද මැතිව්ස් සමඟ මේ සඳහා නිර්දේශ වී සිටියා.
බංගලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී මැතිව්ස් සුවිශේෂ දස්කම් පෙන්වූ අතර එහිදී ඔහු ශතක දෙකක් ඇතුළත්ව ලකුණු 344ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වුණා.
චිතගොන්හි බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔහුට ලකුණු 199 දී ලකුණකින් ද්විත්ව ශතකය අහිමි වූ අතර මීර්පූර් හි පැවති දෙවන තරඟයේදීද,පළමු ඉනිමේ දී ඔහු විශිෂ්ට ලකුණු 145 ක් රැස් කළා.
ICC මාසයේ හොඳම ක්රීඩකයා ලෙස ශ්රී ලාංකික ක්රීඩකයෙකු මෙලෙස තේරීපත්ව ඇත්තේ පළමු වරට බවයි සඳහන් වන්නේ.