අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර සාමකාමී මහජන විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා සිටිනවා.
වත්මන් විධායකය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ගය මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙනවා.
හැකි ඉක්මනින් අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද, හමුදාවේ එවැනි ක්‍රියාමාර්ග හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රාජ්‍ය පාලනය තුළ ගන්නා කිසිඳු ක්‍රියාමාර්ගයක් යලි කිසිදා නොගන්නා බවට සහතික කරන ලෙසද, මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දෙනවා.
ලංකා නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.