ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග අනුව කියවෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවටයි.
අද (25) දිනයේදී බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවටයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සිටින්නේ.
ඉන්පසු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද වහාම පත් කරනු ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ දිනයේ (24) අමාත්‍යංශ 23 ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරින.