Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » උඳුගොව්වා කෑමට කලයුතු නිවැරැදි ප්‍රතිකාර
Medical 40 Views

උඳුගොව්වා කෑමට කලයුතු නිවැරැදි ප්‍රතිකාර

Buzzer EditorBy Buzzer EditorOctober 10, 2022Updated:October 10, 2022No Comments5 Mins Read40 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

උඳුගොව්වා ඉන්ද්‍රලුප්ත නමින් හඳුන්වන මෙය ගැමි වහරින් හඳුන්වනු ලබන්නේ උඳුගොව්වා කෑම නමින්ය. පුළුල් ලෙස සළකා බලා ප්‍රතිකාර කළ යුතු සංකීර්ණ රෝගයක් ලෙස මෙය හැඳින්විය හැකිය. යම්කිසි වෙනත් රෝගයක උපද්‍රවයක් නිසා ද, රසායන විෂ ආසාදන ආදී යම් හේතුවක් නිසාද? යනාදී වශයෙන් රෝග නිදානය විමසා ඊට අනුරූපව චිකිත්සා යෙදිය යුතුය. හිසකේ ගසටත් අනිත් ශාරිරික කොටස්වලට මෙන්ම ආහාර පෝෂණ ජලය වාතාශ්‍රය ආලෝකය ආදී සියල්ල අවැසි බව සළකා ඒවා නොඅඩුව ලැබීමට වගබලා ගත යුත්තේය.

නවීන මතය ගැන විමසා බලන කල්හි විටමින් ‘ඒ’ හි ඌනතාවය මේ රෝගයට හේතුව වන බව නිගමනය වේ. ඒ සඳහා ඉතා හොඳ මාධ්‍යය නම් පත්‍ර ශාක, කොළ එළවළු යහමින් වැළඳීමය. නිවිති කොළ, සලාද කොළ, ගොටු කොළ, කතුරුමුරුංගා කොළ ආදි පලා කොළ, කොළ කැඳ නිතර අනුභවයෙන් ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට පුළුවන. ඉන්ද්‍රලුප්ත නම් මෙකී රෝගයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් නම් මෙසේය.

පීකුදු, කතුරුමුරුංගා කොළ උයා එළඟිතෙලෙන් තෙම්පරාදු කර අනුභවයයි. කැරට්, තක්කාලි, පීකුදු, බිත්තිර කහමදය, මාළු, එළකිරි, චීස් ආදිය ද ඒ විටමින් බහුල ආහාර ගැනීම මේ සඳහා යෝග්‍යවේ. හිසේ සහ යටිපතුල්වල පවිත්‍රතාවය ඉතා වැදගත්ය. හිසේ සම සම්භාහනය (මසාජ්) කිරීමෙන් රුධිර සංසරණය දියුණු වීමෙන් හිසකේ මූලය ශක්තිමත් වේ. එය අගනා ප්‍රතිකාරයක් වනු ඇත.

උඳුගොව්වා කන ලද සමෙහි උත්තේජනය ඇති කෙරෙන ඖෂධ ආලේපය අවශ්‍ය වේ. හිසෙහි ඔසු ගල්වන්නට පෙර හිස සෝදා තෙත මාත්තු කර හොඳින් වේළුණාට පසු සේපාලිකා කොළයකින් එම ස්ථානයේ මඳක් මැද ආලේප කළ යුතුය. රජ කුමරියන්ගේ සිත දිනන ලද පි‍්‍රයංකර සුවද පුෂ්පය වනාහි ‘සමන් පිච්ච් මල් වන අතර සමන්පිච්ච කොළ අඹරා ගෑම ඉන්ද්‍රලුප්තය පරාදීන කිරීමට මහෞෂධයක් වන බව සඳහන් කළ යුතුය.

තික්ත පටෝල (දුම්මෑල්ල) පත්‍ර අඹරා ආලේප කිරීම නිසා උඳුගොව්වා කෑම දින තුනකින් සුවවන බව “ශාරංගධර’ නම් ආචාර්යවරයාණෝ ප්‍රකාශ කර ඇත. එසේම මෑ,එළබටු ගෙඩි යුෂ, මී පැණි අඹරා ආලේප කිරීම ද එළ ඔළිඳ මුල් සහ ඇට, සෙංකොට්ටන් මද කෂාය මී පැණී සමඟ ලේපය ද ශාරංගධර සංහිතාව පෙන්වා දෙන ප්‍රතිකාරයකි. මෙම ප්‍රතිකාරවලින් දින තුනකින් ප්‍රතිඵල ගෙන දේ.

නමුත් මෙම එක ආලේපයක් වත් දින තුනකට වඩා නොගෑ යුතුය. හිසකේ වැඩෙන විට ඊට සමගාමී වන්නට හීංනෙරෙංචි තල්මල් අවුවෙන් ගෙන මී පැණියෙන් අඹරා ආලේපයෙන් ඉතා ඉක්මනින් කෙස් වැඩෙන්නේය. මෙසේ සඳහන් කරන ලද්දේ හස්ති දන්තාදී ඇත්දත් ලේපයයි. එනම් ඇත්දල භෂ්මය සමඟ රත්සඳුන් එළු කිරෙන් අඹරා ආලේප කිරීමෙන් අතුල්වල පවා ලොව් උපදින බව සඳහන් වේ.

ඇත්දත් කුඩා කැබලි කර අඹරා ගැනීමෙන් එම භෂ්මය ලබාගත හැකිය. වෙනිවැල්ගැට කිරිකෂාය ඝනවන තෙක් සිඳවා ගැනීමෙන් රසාඤ්ජනය ලැබේ. දෙවගය එළු කිරෙන් අඹරා ගැනීමෙන් ආ ලේපය ලැබේ. මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

සමහරුන්ගේ ඉසකේ ආව ද ඒවා ඉතා දුර්වලය. දැඩි බවක් නැත. කපු පුළුං කෙඳි මෙන් ඉතා සිනිඳුය. එබඳු අවස්ථාවකදී හිසකේ දැඩිවීම සඳහා බෙහෙත් ආලේප යෙදිය යුතුවේ. වැල්මී. නෙළුම් අල, මුද්‍රප්පලම්, තලතෙල්, එළඟිතෙල්, සහ මී පැණි සමඟ අඹරා ගත් ආලේපය හිස ගැල්වීමෙන් කෙස් දැඩිවේ. මෙම රෝගයට බාහිර මෙන්ම අභ්‍යන්තර චිකිත්සා ද අවශ්‍ය වේ. ඒ සඳහා සෙනහ, ස්වේද, යොදා වමන, නස්‍ය, විරේචන කර්මවලින් ශෝධනය කොට ච්‍යවන ප්‍රශම්ලේහය වන රසෞෂධ ප්‍රයෝග කළ යුතුය.

හිසකේ වැටීම ගැන බොහෝ දෙනා කරදර වෙති. විශේෂයෙන් කාන්තා පක්ෂය නොසන්සුන් තාවයට පත්වෙයි. සමහර විට හිස පීරන පනාවෙහි රැඳි හිසකෙස් ප්‍රමාණය දැක ඉතා දුකට පත් වී සුසුම් හෙළයි. මෙය අස්ථාන භීතියකි. මිනිස් හිසක හිසකේ ගස් 120000- 125000 අතර ගණනක් තිබෙන බවත් කෙස් ගසක වයස දින 1600ක් බවත් පෙන්වා දෙමින් බොහෝදුරට විද්වතුන් ගණන් බලා ඇත. සාමාන්‍යයෙන් වසර 4 1/2ක් පමණ හිසකේ ගසක ආයුකාලය ගත වුණාම එය වැටීම සිදුවිය යුත්තකි. අනෙක් අතට අලුතෙන් ඉසකේ ගස් ඉපදී වැඩෙන බව ද සැළකුව මනායැ. ශාරිරික දූෂණයත්, පිතත් හිසට බලපෑමෙන් හිසකේ ගස්වල ස්වභාවික කළුපාට නැතිවී සුදුපාටට හැරේ. වයස් ගතවී සිදුවන කාලප්පලිතයට හේතුවන්නේ ආයුෂයේ පරිණාමය නිසා උපදින දේහෝෂ්මයයි. පෙරදි කියන ලද ක්‍රෝධ ආදී හේතුවලින් උපදින වායුව විසින් ද හිසකේ කරා ඇදී එන වර්ණකාරක පදාර්ථය ආවරණය කිරීමෙන් පලිතය හටගනු ලබයි. හිසකේ ගස් කළු වන්නේ හිසේ හමෙහි තාබ්‍රා නමැති සායම් තට්ටුවෙන් (චර්මයෙහි සිවවෙනි තට්ටුවෙහි) කෘෂ්ණ වර්ණකය ඉසකේ ගස් කරා ඇදී ඒමෙන්ය. ක්‍රෝධය,ශෝකය පැවැත්ම අධික ලෙස වෙහෙසීම නිසා පිතත් වාතෙත් කෝප වේ. පිතේ අධික උෂ්ණය නිසා වර්ණකාරක, රංජක පදාර්ථ දැවේ. වාත කෝපය නිසා රෝම කූප අවහිර කර රංජක පදාර්ථය ඇදී ඒම අවහිර කෙරේ. ඒ හේතු කරගෙන අකාලයෙහි හිසකේ සුදුවනු ඇත.

බහුලව මවුකුසෙහි පිළිසිඳ ගන්නා මොහොතෙහි පවතින වාතවරණය සෞරග්‍රහ මණ්ඩලයෙහි බලපෑම මවුපිය දෙදෙනාගේ ආහාරපාන ආදී හේතු අනුව උපදින දරුවා වාත ප්‍රකෘතික පිත්ත ප්‍රකෘතික හෝ ශ්ලේෂ්ම ප්‍රකෘතික වන්නේය. ගතිගුණ, ශරීරික ස්වභාව ලක්ෂණ ආදිය එම ප්‍රකෘතියට අනුරූප වනු ඇත. පිත් ප්‍රකෘතිකය අකාල පලිතයට ගොදුරු වේ.

“අකාලයේ හිසකේ, රැවුල, සුදුවීම. සුදුපාට සිරුරක් ඇතිවීම (තලඑළළුවීම, අධික ලෙස කෝපවත් බව, අධිකව දහදිය දැමීම, බුද්ධිමත් බව, සිහිනෙන් දීප්තිමත් දේ දැකීම යන මෙවැනි ලක්ෂණ සහිත මනුෂ්‍ය තෙමේ පිත්ත ප්‍රකෘතිකයායැ.

වර්තමානයෙහි අකාලපලිතය ඉතා බහුලය. පරම්පරාගතද වේ. සමහර පවුල්වල වැඩිහිටි තරුණ බාල සැමදෙනා අතරම හිසකේ පැසුණු අය දක්නට ලැබේ. වයස අවුරුදු 15 -20 තරම් වූ නව යෞවනයන්යෝ පවා තැනින් තැන පැසුණු හිසකේ සහිතව සිටිති. හිසකේ රෝගවලට මෙන්ම මෙයට ද පරිසරයේ අපවිත්‍රතාව බලවත් හේතුවක් වේ. ඛනිජතෙල් දැවෙන දුම් විෂ සහිත දූවිලි රසායන විෂ මෙන්ම වර්තමාන තරුණ රැල්ල ලොකු, කුඩා, තරුණ, මහලු උදවිය හිසකෙස් වර්ණ ගැන්වීම නිසා ද හිසකෙස් දුර්වර්ණ වී දිරා පත්වන බව දක්නට හැකිය. මෙවැනි විෂ ද්‍රව්‍ය හිසකෙස් මුල අවහිර වීම නිසා හිසකේ ගසේ පෝෂණය, රංජක පදාර්ථ හීනවීම ආදියෙන් අකාලයෙහි කෙස් සුදුවීම ඇරඹේ.

එමෙන්ම අධික චිත්ත ශෝක, භය, මානසික පරිශ්‍රමය, හේතු කොට ගෙන ද මෙය අධික අතර ආහාර දෝෂ ද බලපානු ලැබේ. ආයුර්වේදයේ සඳහන් පරිදි පිත් කෝප කෙරෙන කරුණු අතර කටුක ආහාරපානවලින් ද වැළකිය යුතුවේ. එනම් කටුක ආහාරවන දුරු මිරිස් බහුල වැනිදෑද අන්නාසි, අච්චාරු, තක්කාලි, විනාකිරි. අබකොළ, තෙල් අධික ආහාර අපත්‍ය වේ.

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සුසිලා නාලිනී ගොඩලියද්ද මහත්මියගේ සටහනක් ඇසුරිණි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරුසියානු Aeroflot ගුවන් යානයක් දිවයිනට පැමිණෙයි
Next Article කොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – ඔක්තෝම්බර් 08 සහ 09
Buzzer Editor
  • Facebook

Related Posts

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 19, 20262 Views

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

By Buzzer EditorialJune 19, 202602 Views

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති…

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.