යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබේ.
එළැඹෙන සිකුරාදා දිනයේදී වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකට ද එළඹීමට නියමිතව තිබේ.
රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්රමන සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්රේන ජනාධිපතිවරයා, අමෙරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එවන් සහතිකයක් අමෙරිකාවට ලබාදිය නොහැකි අතර එහි වගකීම යුරෝපය දැරිය යුතු බවය.