Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කවුද දිනන්නේ?රනිල්ද? සජිත්ද? අනුරද? නාමල්ද?
News 3 Views

කවුද දිනන්නේ?රනිල්ද? සජිත්ද? අනුරද? නාමල්ද?

Buzzer EditorialBy Buzzer EditorialAugust 17, 2024Updated:August 17, 2024No Comments15 Mins Read3 Views
Screenshot
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මේ, අද වෙද්දී හැම කාර්යාලයකම, හැම ගෙදරකම, හැම කඩපොළකම, හැම හන්දියකම කතාවෙන එකම මාතෘකාවය.බස් එකක ගියත්, කෝච්චියක ගියත්,වාහනයක ගියත්, ට්‍රිප් එකක් ගියත්,අඩියක් පුඩියක් ගැහුවත් බයිට් එකට ගන්නා කතාවය. (

‘සජිත් තමයි ඉස්සරහින් ඉන්නේ.බලන්නකො ගම්වල පවා තියෙන රැස්වීම්වලට පුදුම සෙනඟක්නෙ එන්නේ.දවසින් දවස සජිත්ට එකතු වෙන කණ්ඩායම බලන්නකෝ. එතැන හොරු නෑ.නියම දක්ෂයෝ ටිකක් තමයි ඉන්නේ.අනෙක හැම මත විමසුමකින්ම සජිත් ඉස්සරහින් ඉන්නවා කියන්නේ…’
මේ, සජබ පාක්ෂිකයන් ඒ ප්‍රශ්නයට දෙන උත්තරයය.

‘ඔය රනිල්ටත් එකතු වෙන්නේ. දැන් පොහොට්ටුවේ සෙට් එකම ඉන්නෙ එතැන.සජබ, මුස්ලිම් කොංග්‍රස්, රිෂාඩ්ගෙ වගේ හැම පක්ෂයකම අයත් එතැන ඉන්නවා.මිනිහත් ගේම අතහරින එකක් නෑ…’
මේ, රනිල්ට සපෝට් කරන පොහොට්ටු පාක්ෂිකයන් කියන කතාවය.

‘අනුරත් ගේමක් ගහයි. රැස්වීම්වලට එන සෙනඟ බලන්නකෝ. අහන අහන කෙනා කියන්නේ අනුරට දෙනවා කියලානේ. ඔය කවුදෝ කෙනෙක් කරපු මත විමසුමකින් කියලා තිබුණා අනුර දිනනවා කියලා. ඒක ඉන්දියාවෙත් ටීවීවල කිව්වා. ඔය මෙහේ පත්තරවල ලියන අයත් ඒක ලොකුවට දාලා තිබුණේ…’
මේ, මාලිමාවට සපෝට් කරන අය කියන කතාවය.

‘නාමල් ආපු එකෙන් දැන් ගම්වල පොහොට්ටුව ඉස්සීගෙනයි එන්නේ. හැටනව ලක්ෂෙම නැති වුණත් මහින්ද මහත්තයා ස්ටේජ් එකට නැගලා දෙපාරක් අත වනලා ‘යුද්ධෙ දිනලා මේ රට බේරගත්ත මම වෙනුවෙන් එක ඡන්දයක් මගේ පුතාට දෙන්න’ කියලා කිව්වාම ඔය පොහොට්ටුවේ අය පෝලිමෙ ගිහින් නාමල්ට ඡන්දය දෙනවා. උඩ ඉන්න අය රනිල්ට ගියා කියලා පොහොට්ටුවේ ගමේ අය රනිල්ට දෙන්නේ නැහැ. ඒ වැඩෙන් වුණේ පොහොට්ටුවේ හිටපු හොරු සෙට් එක එතැනට ගිහින් පොහොට්ටුව සුද්ද වුණු එක විතරයි….’
මේ, තවත් පොහොට්ටුව එක්ක ඉන්න පාක්ෂිකයන් කියන කතාවය.

මේ හැම කතාවක්ම පාක්ෂිකය. මොකද තම තමන් දරන දේශපාලන මතය අනුව කියන ඒවාය. ඒ කතාවලින් රේස් එකේ දිනන අශ්වයා කවුද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වුණත් හරි ප්‍රතිඵලය කියවගන්න අමාරුය.

‘එතකොට ඔය පිටරටවල අය, තානාපති කාර්යාල ඡන්දෙන් දිනන කෙනා කවුද කියලා හරියටම කියන්නේ කොහොමද?’
ඒකට එක ක්‍රමයක් තිබේ. රටක ඔපීනියන් පෝල් හෙවත් මත විමසුම් කරන්නේ ඒකටය. ඕනෑම රටක ඒ විදියේ මත විමසුම් සිදුකරන ස්වාධීන, ජාත්‍යන්තරයේ පවා ප්‍රකට ආයතන තිබේ. අනෙක් අතට රජයට සම්බන්ධ බුද්ධි අංශ, ඔත්තු සේවා මගින් රට පුරා මේ පිළිබඳ රහසේ නිරීක්ෂණය කොට මාසයක් පාසා බුද්ධි වාර්තා රජයට ලබාදේ. සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක්,තානාපති කාර්යාලයක්, ආයතනයක්,සමාගමක් පිළිගන්නේ ඒ ආකාරයේ මත විමසුම්වල ප්‍රතිඵලය.
ලංකාවේ නම් එහෙම මත විමසුම් කරන ජාත්‍යන්තර තලයේ ප්‍රකට ආයතනයක් තිබේ. ඒ, පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් පුරා මේ සමාගම ලංකාවේ විවිධ මැතිවරණ ගැන මත විමසුම් කළේය.ආණ්ඩුවේ ප්‍රධානීන්, විපක්ෂයේ ප්‍රධානීන් පමණක් නොව විවිධ සමාගම් පවා මුදල් ගෙවා මේ ආයතනය ලවා මැතිවරණ ගැන මත විමසුම් කරගත්තේය. ඒ කරපු මත විමසුම්වල ප්‍රතිඵල කිරිගහට ඇන්නා වගේ තිතට තිබිණි. ඔවුන්ගේ මත විමසුම්වල ප්‍රතිඵලයි, මැතිවරණවල අවසන් ප්‍රතිඵලයි අතර වෙනසක් තිබුණා නම් ඒ දශම ගණන්වලිනි. ලංකාවේ සියලු දේශපාලකයන්, තානාපති කාර්යාල වසර ගණනක් තිස්සේ මේ ආයතනය මත විමසුම් ප්‍රතිඵල ගැන විශ්වාසය තබා තිබ්බේ ඒ නිසාය.

එතකොට මේ පාර ජනාධිපතිවරණය ගැන මේ ආයතනය කරපු මත විමසුම් කරලා නැද්ද?
මේ ආයතනය මෙවර ජනාධිපතිවරණය ගැන මේ වෙද්දී මත විමසුම් දෙකක් කොට ඇති බව ආරංචිය. ඔවුන් එහි පළමු මත විමසුම කර තිබුණේ මීට මාස 3කට කලින්ය. එහිදී ඔවුන් උතුරු – නැගෙනහිර පළාත් දෙක හැරුණු විට අනෙක් සියලු පළාත් උපයෝගී කරගෙන කරපු මත විමසුමේ දක්වා තිබුණේ මෙහෙම ප්‍රතිඵලයකි.

‘සජිත්ට 38%යි’
‘අනුරට 27%යි’
‘පොහොට්ටුවට 9%යි’
‘රනිල්ට 5%යි’

මේ ආයතනය මීට මාස 3කට කලින් කරලා තිබ්බ මේ මත විමසුමේ ප්‍රතිඵල කොච්චර නිවැරැදිද කියනවා නම් ඒ කාලයේම ඔත්තු සේවා මගින් කරලා බාරදීලා තිබ්බ වාර්තාවල පවා තිබුණේ මේ ප්‍රතිඵලයට පොඩ්ඩක් එහා මෙහා තිබුණු ප්‍රතිඵලයක්ය.
ඒ විතරක් නොව මේ ආයතනය මීට සති 3කට ඉහතදී තවත් අලුත්ම මත විමසුමක ප්‍රතිඵල නිකුත් කර තිබිණි. ඒකට අනුව සජිත් ඉස්සරහට යද්දී අනුර පල්ලම් බැස තිබිණි. රනිල් තරමක් ඉදිරියට ඇවිත් තිබිණි. ඒත් උතුරු නැගෙනහිර නොමැතිවය.එහි ප්‍රතිඵලය දැක්වුණේ මෙසේය.

‘සජිත් 42.5%යි’
‘අනුර 15%යි’
‘රනිල් 12%යි’
‘පොහොට්ටුව 9%යි’

මීට සති දෙක තුනකට කලින් ඔත්තු සේවා විසින් ආණ්ඩුවට ලබාදී තිබූ වාර්තාවල පවා තිබුණා යැයි කියන්නේ මේ ගණන් හිලව්මය.
‘එතකොට මේ අනුර දිනනවා කියන්නේ කොහොමද?’

‘අනුර ඉන්දියාවේ යද්දී ඉන්දියාවේ ප්‍රසිද්ධම ටීවී චැනල් එකක් වුණු එන්.ඩී.ටී.වී.නාලිකාව අනුර 51%ක් ගන්නවා කියලා මත විමසුම්වලින් කියලා තියෙනවා කියලා කිව්වේ කොහොමද?’

‘සුනිල් හඳුන්නෙත්තියි, නලින්ද ජයතිස්සයි ස්ටේජ් එකේදී අනුර කුමාර දිනනවා කියලා මත විමසුම්වලින් පවා ඔප්පු කරලා තියෙනවා කියලා කිව්වේ බොරුවක්ද?’

‘මේ ආයතනය කරපු මත විමසුමේ ප්‍රතිඵල අනුර කුමාරලා දැනගෙන හිටියේ නැද්ද?’

කතාව ඇත්තය. මේ ආයතනය මුල සිට ඉහත ආකාරයේ ප්‍රතිඵල එළියට දැම්මත් හිටිහැටියේම මීට මාස පහ හයකට කලින් හදිසියේම එළියට ආපු එක්තරා මත විමසුමක් අනුරට ජනාධිපතිවරණයේදී 53%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බව අනාවරණ කොට තිබිණි. එම මත විමසුම සිදුකොට තිබුණේ ආචාර්ය රවි රන්නන් එලිය නමැති අයකු විසිනි. අනුර 53%ක් ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බව කී මේ අහසින් කඩාපාත් වුණු මත විමසුමට ඒ කාලයේදී ආණ්ඩුවේ ප්‍රධානීන්ට සම්බන්ධකම් ඇති ඉංග්‍රීසි පත්තරවල ලොකු ප්‍රචාරයක් දුන්නේය. මේ රටේ පත්තරවල දේශපාලන තීරු ලිපි ලියන,දේශපාලන ගොසිප් ලියන මාධ්‍ය ඔස්තාර්වරු යැයි කියාගන්නා පත්තරකාරයන් රන්නන් එලියගේ මේ මත විමසුමට ලොකු ප්‍රචාරයක් දුන්නේය. අඩුම තරමේ රන්නන් එලිය යනු කවුද? කොහෙන් කඩාපාත්වුණු කෙනෙක්ද? යන්න පවා හොයා බලන්නේ නැතිව අනුර 53%ක් ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට පත්තරවල මහා පතරංග ජාතික ලිවූහ.ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව පවා අනුර ඉන්දියාවේ සංචාරය කරද්දී වාර්තා කළේ රන්නන් එලිය, එළියට දාපු මේ මත විමසුමේ ප්‍රතිඵලයය. සුනිල් හඳුන්නෙත්ති,ටිල්වින් සිල්වා, නලින්ද ජයතිස්ස ස්ටේජ්වල නැගලා කිව්වේ රන්නන් එලිය එළියට දැමූ මේ ප්‍රතිඵලයය.
‘රන්නන් එලියගේ මත විමසුමට සමහරු මේ විදියට කඩේ ගියේ ඇයි?’

‘රන්නන් එලිය කියන්නේ කවුද කියලා හොයා බලන්නේ නැතිව අනුර 53%ක් ගන්නවා කියලා සමහරු අනුරව උඩින් තිබ්බේ ඇයි?’
ඒ, වෙන මොකක්වත් නිසා නොව, ආණ්ඩුවේ ලොකු කොන්ත්‍රාත් එකක් ඒ වෙද්දී පත්තරයි, සමහර පත්තරකාරයොයි බාරගෙන තිබූ නිසාය. ඒ කොන්ත්‍රාත්තුව වෙන මොකවත් නොව අනුරව පෙන්නා බයකොට එජාපයයි, සජබයයි යළි එකතු කරන කොන්ත්‍රාත්තුවය.
රනිලුයි, සජිතුයි එකතු කරන කොන්ත්‍රාත්තුවය. රනිලුයි සජිතුයි එකතු වුණොත් අනුර පරද්දන්න පුළුවන් කියන මතය සජබය ඇතුළට අරන් යන කොන්ත්‍රාත්තුවය.සජිත් රනිල් ළඟට එන්නේ නැතිනම් සජිත්ගේ මන්ත්‍රීවරු බියගන්වා රනිල් ළඟට අරන් එන කොන්ත්‍රාත්තුවය.

මේ ‘මව්රට’ පුවත්පත රන්නන් එලියගේ මත විමසුම ගැන මැයි 05 වැනිදා පළමු වරට රටට කළ අනාවරණයය.

ආචාර්ය රවී රන්නන් එලිය යනු මේ රටේ ජනතාවට එතරම් හුරුපුරුදු නමක් නොවේ. කොටින්ම කියනවා නම් මීට මාස 6ක් 7ක් වනතෙක් එවැනි නමක් කියැවෙන අයකු සිටියාදැයි කියා මතකයක් නොමැති තරමට ඒ නම ලංකාවේ මිනිස්සුන්ට නුහුරු නුපුරුදු නමක් වී තිබිණි. නමුත් හිටි හැටියේම මේ කියන ආචාර්ය රන්නන් එලියගේ නම කරළියට ආවේ එක්තරා විශේෂ කරුණක් මුල්කරගෙනය. එනම් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මුල්කරගෙනය. ඒ,රන්නන් එලිය විසින් සකස් කොට සමාජගත කළ ආන්දෝලනාත්මක මත විමසුමක් නිසාය. මෙම මත විමසුම එක රැයින් ජනප්‍රියත්වයට පත්වූයේ ඒ හරහා කිසිවකුත් නොසිතූ ප්‍රතිඵලයක් රටට අනාවරණ කර තිබූ හෙයිනි.එමගින් කියා තිබුණේ ඒ වන විට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 51%ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඉහළින්ම සිටින බවත්, 28%ක පමණ ප්‍රතිශතයක් ලබා සමගි ජන බලවේගය දෙවැනුවට සිටින බවත්, පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය ඊට පසුව සිටින බවත්ය.

මැයි 05 ‘මව්රට’

මේ ගිය අවුරුද්දේ නොවැම්බර් 19 වැනිදා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රන්නන් එලිය ගැන සහ රන්නන් එලියගේ කොන්ත්‍රාත්තුව පිළිබඳ අප කළ අනාවරණයය.

මෙම ප්‍රතිඵලය යම්කිසි පාර්ශ්වයක් විසින් මාධ්‍ය මගින් අනාවරණ කිරීමත් සමග ඊට ජවිපෙන් විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය.ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ වන විට සිදුකර ඇති අලුත්ම ජනමත විමසුමෙන් අනුර දිසානායක 51%ක් ලබා ජනාධිපතිවරයා ලෙස පත්වන බවට තහවුරු කොට ඇති බවකි. ටිල්වින්ට අමතරව ජවිපෙ නියෝජිතයන් වන සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස වැන්නවුන් පවා ප්‍රසිද්ධියේම මේ මත විමසුමේ ප්‍රතිඵල රටට අනාවරණ කරමින් ජවිපෙ ඉහළ ජයග්‍රහණයක් වාර්තා කරන බව පෙන්වා දුන්හ.

කවුරුවත් හෙව්වේ නෑ
මීට අමතරව ජවිපෙ හිතවතුන් සහ සජබ විරෝධී සියලු කණ්ඩායම් මේ මත විමසුමේ ප්‍රතිඵලය ගැන සිය සමාජ ජාල පිටු ඔස්සේ මහත් උජාරුවෙන් රටට කියන්නට පටන්ගත්හ. යූටියුබ්කාරයෝ මේ ප්‍රතිඵලය සිය යූටියුබ් චැනල්වල පට්ටා ගසන්නට පටන් ගත්හ. මෙරට දේශපාලන ලිපි ලියන නමගිය දේශපාලන විචාරකයෝ යැයි කියා ගන්නා පිරිස් පවා කිසිදු සොයා බැලීමකින් තොරව මේ රන්නන් එලියගේ මත විමසුම උපුටා දක්වමින් සිය පත්තර පිටුවල දේශපාලන පල් හෑලි ලියන්නට පටන්ගත්හ. නමුත් කිසිවකුත් මේ රන්නන් එලිය කවුද, ඔහුගේ මත විමසුම සිදුකර ඇත්තේ කුමන ආකාරයකටද, එහි ප්‍රතිඵල පිළිගත හැකිද, එය පිටුපස සිටින්නේ කවුරුන්ද, එහි සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

අපි නම් හොයාගත්තා
නමුත් ‘රාජ්‍ය රහස්’ තීරය කිසිදු මාධ්‍යයක් මගින් සිදු නොකළ ඒ ගවේෂණය සිදුකරමින් පළමුව මේ රන්නන් එලිය කවුරුන්දැයි සොයා බැලීමක නිරත විය. එහිදී අප හට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ වුවමනාව මත මේ රන්නන් එලිය නමැත්තා විසින් මෙවැනි ආකාරයේ මත විමසුමක් සිදුකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුවේ න්‍යායපත්‍රයක් ඉටුකරලීමේ අරමුණෙන් මෙවැනි ප්‍රතිඵලයක් නිකුත් කොට ඇති බවත්ය.ඒ අනුව ජවිපෙට ඉහළ ප්‍රතිශතයක් ඇති බව පෙන්වා දී සජබය සහ එජාපය එකතු වුවහොත් ජවිපෙ පරාජය කළ හැකි බවට මතයක් සජබය ඇතුළේ ඇතිකිරීම මේ මත විමසුමේ සැඟවුණු අරමුණ වී තිබූ බව අපි ‘රාජ්‍ය රහස්’තීරය ඔස්සේ පළමුවරට රටට අනාවරණ කිරීමටත් පියවර ගත්තෙමු.

මෙන්න අපි කියපු හැටි
‘ආචාර්ය රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකරන ලද මත විමසුමක තොරතුරු පිළිබඳ මීට මාස කිහිපයකට ඉහතදී රාජ්‍ය රහස් තීරයේ අපි විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී ඊළඟ ජනාධිපතිවරණයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 51%ක් ලබා ජයග්‍රහණය කරන බවක් එම මත විමසුමේ සඳහන් කොට තිබූ අතර, එම මත විමසුමට මෙරට තානාපති කාර්යාලවල ලොකු තැනක් ලැබී ඇති බවක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම දේශපාලන විශ්ලේෂකයන්ද මෙම මත විමසුම භාවිත කරමින් හෑලි ලියන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් ඒ කිසිවකුත් මේ රන්නන් එලිය කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සොයාබැලීමකින් තොරව ගෙඩි පිටින්ම එම තොරතුරු ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය.නමුත් අප විසින් මේ රන්නන් එලිය යනු කවුරුන්ද යන්න සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහු නීලන් තිරුචෙල්වම් ආයතනයේ සේවය කරන්නකු බවත්, ඔහුගේ විෂය පථය දේශපාලනයට නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ එකක් බවත්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළ අප, මෙම රන්නන් එලිය විසින් සජබය සහ එජාපය එකතු කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවත්, අසත්‍ය සහ කිසිසේත්ම පිළිගත නොහැකි මත විමසුම් ඉදිරිපත් කරමින් සජබය සහ එජාපය එකතු වුවහොත් ජවිපෙ පරාජය කළ හැකි බව රටට ඒත්තු ගන්වමින් සිටින බවත් කියා සිටියෙමු. අප කළ අනාවරණයෙන් පසු රන්නන් එලිය ටික කාලයක් යන තෙක්ම මත විමසුම් සිදු නොකොට කඩේ වසාගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.

ආයෙත් එළියට
කෙසේ වෙතත් මේ රන්නන් එලිය පසුගිය සතියේ හිටිහැටියේම තවත් මත විමසුමක ප්‍රතිඵල එළිදැක්වීමට පියවර ගත්තේය. මෙවර ඔහු සිදුකොට තිබුණේ මහ මැතිවරණය ඉලක්ක කොට ගෙන මත විමසුමකි. නමුත් එහිද දැකගන්නට ලැබුණේ කලින් කර තිබූ මත විමසුමට සමාන ප්‍රතිඵලයක්මය. ඒ අනුව එහි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඉදිරි මහ මැතිවරණයකදී 39%ක බලයක් හිමිවන බවත්, සමගි ජන බලවේගය 27%ක ප්‍රතිශතයක් ලබාගන්නා බවත්,පොහොට්ටුව 10%ක ඡන්ද ප්‍රතිශතයක් සහ එජාපය 6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවත් දක්වා තිබිණි. ඒ හරහාද රන්නන් එලිය නොකියා කියා තිබුණේ එජාපය සහ සජබය එක්වුවහොත් ජාතික ජන බලවේගය පරාජය කළ හැකි බවකි.

කෙසේ වෙතත් මෙම මත විමසුම ඉදිරිපත් කරමින් තමන් කලින් කර තිබූ මත විමසුමකට සම්බන්ධ තොරතුරු කිහිපයක්ද අනාවරණ කිරීමට රන්නන් එලිය කටයුතු කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ ඉකුත් වර මත විමසුම තමන් සිදුකළේ නීලන් තිරුචෙල්වම් ආයතනයෙන් ලද මුදල් ප්‍රතිපාදනයන්ට අනුව යැයි කියාය. නමුත් මෙවර රන්නන් එලිය සිදුකළ මත විමසුමට ප්‍රතිපාදන සපයා දී ඇත්තේ කවුරුන්දැයි එහි සඳහන්ව නොතිබිණි. ඒ අනුව මෙවර මත විමසුමට මුදල් පොම්ප කළේ කවුරුන්දැයි රන්නන් එලිය විසින් පැහැදිලි කළ යුතුව තිබේ. කෙසේ වෙතත් ඉකුත් වර සිදුකළ මත විමසුමේ බොරුව රටට හෙළිව තිබූ නිසා මෙවර කිසිවකුත් රන්නන් එලියගේ මේ අලුත් මත විමසුම පිළිබඳ කතාබහක් සිදුකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

මෙහෙයුම් කිහිපයක්
මේ සියල්ල අතරවාරයේ රන්නන් එලියගේ ව්‍යාජ මත විමසුම පාදක කරගෙන ආණ්ඩුව පැත්තෙන් දේශපාලන මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක වී තිබිණි. එක් මෙහෙයුමක් වූයේ එම මත විමසුමට අනුව අනුර ඉදිරියෙන් තබා තිබූ නිසා සජබය බියවද්දා එහි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුව වෙත බිලී බාගැනීමට තිරය පිටුපස ඉතා සූක්ෂ්ම මෙහෙයුමක් දියත් වීමය. මීට අමතරව සජබයේ සිට ඉවත්ව මේ වන විට ස්වාධීනව සිටින ප්‍රබල මන්ත්‍රීවරයකුද ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව තවත් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයමින් කියා සිටියේ ජවිපෙ ඉදිරියෙන් සිටින නිසා ජවිපෙ ආණ්ඩුවක් පැමිණියහොත් රට ලේ විලක් වනු ඇති බවය. හැමෝටම හිරේ විලංගුවේ වැටීමට සිදුවනු ඇති බවය. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නායකයන් හමුවෙමින් මේ හිටපු සජබ මන්ත්‍රීවරයා ඔවුන්ට පෙන්වා දී තිබුණේ ජවිපෙ පරාජය කිරීමට නම් සජබය සහ එජාපය එකතුවී ලොකු සටනක් දියත් කළ යුතු යැයි කියාය. ඒ මන්ත්‍රීවරයාගේ වචනවලට රැවැටී සිටි ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ද, ආණ්ඩුව විසින් ගෙන ගිය මෙහෙයුමට රැවැටී සිටි තවත් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද පසුගිය කාලයේ සිටියේ ආණ්ඩුවට යනවාදෝ නොයනවාදෝ යන්න සිතාගත නොහැකිව වැට උඩය. නමුත් අවසානයේදී අප විසින් සත්‍ය මතවිමසුමේ ප්‍රතිඵලය රටට හෙළිදරව් කිරීමත් සමග වැට උඩ සිටි සියලු මන්ත්‍රීවරුන් රනිල් සමග එක්වීම අතහැර නැවත වතාවක් සජිත් සමග එක පෙළට සිටගත් ආකාරය දැකගත හැකි විය. ඒ හරහා ආණ්ඩුව ගෙන ගිය මෙහෙයුම පමණක් නොව සජබයෙන් ඉවත් වී ස්වාධීනව සිටින මන්ත්‍රීවරයාද ගෙන ගිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිණි. එමෙන්ම අප කළ අලුත්ම මතවිමසුමේ ප්‍රතිඵලයේ අනාවරණයෙන් පසු සජබයද විශාල ජවයක් ගෙන ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන් එක වරම පිබිදී ගිය ආකාරයක්ද දැකගත හැකි විය.

රන්නන් වෙනස් වෙයි
අප මේ ආකාරයට සියලු මත විමසුම්වල ප්‍රතිඵල එකින් එක එළියට දමද්දී මුල්ම අවස්ථාවේ අමු බොරු මත විමසුමක් කළ රන්නන් එලියටද කිසිවක් නොකර සිටින්නට නොහැකි තත්ත්වයක් මතුවී තිබිණි. ඒ අනුව රන්නන් එලිය පසුගිය සතිය වන විට තවත් මත විමසුමක ප්‍රතිඵල එළියට දමා තිබූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු අවස්ථාවේ 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටින බව කියා සිටි අනුර කුමාර මේ මාස කිහිපය ඇතුළත 35%ක් දක්වා විශාල පසුබැස්මක් ලබා ඇති බව වාර්තා කොට තිබීමය. එමෙන්ම පළමු වතාවට සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය අනුර පරදවා 38%ක් දක්වා ඉහළ නැග ඇති බව පෙන්වා දී ඇති රන්නන් එලිය පොහොට්ටුව 8%ක ප්‍රතිශතයකද,එජාපය 5%ක ප්‍රතිශතයකද සිටින බව අනාවරණ කර සිටියේය.

අනුර කියපු අය සජිත්ට
එමෙන්ම තවත් විශේෂ කරුණක්ද සිය මත විමසුමේ සඳහන් කරමින් ඔහු කියා තිබුණේ පසුගිය කාලයේදී දුරකතන ඇමතුම් ලබාදෙද්දී බොහෝ දෙනා ‘අනුරට, අනුරට’ බව කියා සිටියත්, මේ වනවිට එම පුද්ගලයන් අනුර වෙනුවට සජිත්ගේ නම සඳහන් කිරීමට පෙලඹී ඇති බවකි.

කෙසේ වෙතත් රන්නන් එලිය මේ ආකාරයට මොන මත විමසුම් සිදුකර ප්‍රතිශතයන් වෙනස් කළද අප තවමත් කියන්නේ ඔහු සැබැවින්ම තම පැවැත්ම වෙනුවෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව,විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා මත හිතෙන හිතෙන ආකාරයට මත විමසුම් ප්‍රතිඵල සඳහන් කරන බවය. කෙසේ වෙතත් අප මුල සිටම නිවැරැදි මත විමසුම් ප්‍රතිඵල රටට අනාවරණ කරමින් ගෙනගිය මාධ්‍ය මෙහෙවර රන්නන් එලියද අවසානයේදී පිළිගෙන තිබීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඒ, අප මුල සිටම අපගේ පාඨකයන්ට සත්‍ය තොරතුරු අනාවරණ කළ බව මේ හරහා තහවුරු කොට තිබීම නිසාය.අවසානයේදී රන්නන් එලියටද සිදුව ඇත්තේ අප හෙළිකළ තොරතුරු සත්‍ය බව පිළිගෙන එම තොරතුරු තවදුරටත් තහවුරු කිරීමටය.

නොවැම්බර් 19 ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’

පහත දැක්වෙන්නේ නොවැම්බර් 10වැනිදා උපුල් ජෝෂප් ප්‍රනාන්දුගේ ‘මව්රට’ ‘ගුරුදා විග්‍රහය’ රන්නන් එලිය ගැන පළකර තිබූ විග්‍රහයය.

2022 ජනවාරි වන විට ගෝඨාට ජනප්‍රියත්වයක් තිබුණේ නැත. ඔහුගේ ජනමත විමසුම් වාර්තාව කියන්නේ 2022මුල් කාර්තුව වන විට ගෝඨාභය හොඳ ජනප්‍රිය තැනක සිටි බවය. ඔහුගේ වාර්තාව කියන්නේ ගෝඨාභයගේ ජනප්‍රියත්වය කඩාවැටුණේ 2022 අප්‍රේල් මාසයෙන් පසුව බවය. අරගලය පටන්ගත්තේ අප්‍රේල් මාසයේය.ගෝඨාගේ ජනප්‍රියත්වය කඩාගෙන වැටිලා කියන්න දොස්තරගේ වාර්තා ඕනෑ නැත. ඒක රටටම පෙනුණි.

දොස්තරගේ ජනමත සමීක්ෂණවලට හොඳ ඉවක් තිබුණා නම් ගෝඨාගේ ජනප්‍රියත්වය කඩාගෙන වැටෙන බව ඔහු 2022 ජනවාරියේ කිව යුතුව තිබිණි.ඒත් ඔහුගේ වාර්තාව කියන්නේ සුළු වශයෙන් අඩු වුණාට 2020 මුල් කාර්තුවේ ගෝඨාගේ ජනප්‍රියත්වය ධනාත්මකව තිබුණු බවය. එය පිළිගත නොහැකිය.2022 මුල් කාර්තුවේ ගෝඨාව බලයෙන් පහ කරන්න පුළුවන් යැයි කවුරුත් නොසිතන වාතාවරණයක ඔහු සිය ජනමත සමීක්ෂණ වාර්තාවේ ගෝඨාගේ ජනප්‍රියත්වය පල්ලම් බහිනවා කියා කියන්න බය වූවා විය හැකිය.

ගෝඨා ගෙදර ගොස් රනිල් ජනාධිපති වූ විට ඔහු සිය ජනමත සමීක්ෂණ වාර්තාවේ අලුත් තියරියක් පෙන්වීය.එනම් ජවිපෙ සහ සමගි ජන බලවේගය කරට කර සිටින බවත්, රනිල්ගේ යූ.ඇන්.පී.ය පොහොට්ටුවට වඩා ඉදිරියෙන් සිටින බවත්ය. ඉන් පසු ටිකෙන් ටික ජවිපෙ ඉස්සරහින් තියා සමගි ජන බලවේගය පසුපසට ගෙන ඔහු කියන්නේ රනිල් පොහොට්ටුව අභිභවා ඉදිරියට එන බවය.

1000ක නියැදියකින් බලන දොස්තර රවී රන්නන් එලියගේ මේ තියරිය රනිල්ගේ පළාත් පාලන ඡන්ද කල්දමන තියරිය සහ ජනාධිපතිවරණය දිනන තියරිය සමග පෑහෙන්නේ ඉඳිකට්ටට නූල් බෝලය වගේය. රනිල් පළාත් පාලන ඡන්දය කල්දමන්න හේතුව ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට කීවේ ජවිපෙ දිනන බවත්, ජවිපෙ දින්නොත් අයි.එම්.එෆ්.ගනුදෙනුව කඩාකප්පල් වී රට චීන ග්‍රහණයට හසුවනු ඇති බවත්ය.

ඒ සඳහා ඔහු පළාත් පාලන ඡන්දය තියන්න කී ඇමෙරිකාවට යුරෝපයට පෙන්නන්න ඇත්තේ දොස්තරගේ ජනමත සමීක්ෂණ වාර්තාවය. ජවිපෙ බලයට එනවා යැයි බයකොට පොහොට්ටු අපේක්ෂකත්වය ගන්න රනිල් ප්‍රයෝජනයට ගත්තේද දොස්තරගේ වාර්තාව විය යුතුය. පොහොට්ටුවට වඩා මම ඉදිරියෙන් කියා පොහොට්ටුව වට්ටවන්න පාවිච්චි කරන්නේත් මේ දොස්තරගේ වාර්තාව විය යුතුය.ජනාධිපතිවරණයේදී කාටත් 50%ක් ගන්න බැහැ කියන රනිල්ගේ තියරියද දොස්තරගේ ජනමත සමීක්ෂණ වාර්තාවට හොඳට ගැළපෙයි.

රනිල් හතර වටේට බෙදන දේශපාලන තියරිය මෙසේය.
‘ජවිපෙ එනවා.’
‘පොහොට්ටුවට වඩා මට මිනිස්සු කැමැතියි’
‘ජනාධිපතිවරණයේදී කාටවත් 50%ක් ගන්න බැහැ’

දොස්තර රවි රන්නන් එලියගේ ජනමත සමීක්ෂණ වාර්තාව 1000ක නියැදියකින් හදන තියරිය මෙසේය.
‘ජවිපෙ ඉදිරියෙන්’
‘රනිල් පොහොට්ටුවට වඩා ඉදිරියෙන්’
‘අනුරට හෝ සජිත්ට 50%ක් නැහැ’

රනිල්ගේ තියරියයි දොස්තරගේ ජනමත සමීක්ෂණ තියරියයි තකට තක වුණේ කොහොමද කියලා හොයන්න වෙනම සමීක්ෂණයක් කළ යුතුය.

නොවැම්බර් 10 ‘ගුරුදා විග්‍රහය’

මේ විදියට ‘මව්රට’ රන්නන් එලියගේ හෙලුව රටට පෙන්වද්දී වරක් රන්නන් එලිය සජිත් හමුවීමට විපක්ෂ නායක කාර්යාලයට පවා පැමිණ තිබිණි. නමුත් රන්නන් එලියගේ කොන්ත්‍රාත්තුව ගැන දන්නා නිසාදෝ සජිත් රන්නන් එලිය හමුවී තිබුණේ නැත. ඒ වෙනුවට සුජීව සේනසිංහ රන්නන් එලියත් එක්ක කතාකර තිබූ බව වාර්තා විය.

හැබැයි මේ විදියට රන්නන් එලියගේ මත විමසුම්වල බොරුව සහ පෙර කී ආයතනය සැබෑ මත විමසුම්වල තොරතුරු ‘මව්රට’එළියට දැමීමත් සමග රන්නන් එලියගේ මත විමසුම්වල ප්‍රතිඵලද මාසෙන් මාසෙට වෙනස් වන්නට විය. 53%ක ප්‍රතිශතයක් ලබා දිනන බව තහවුරු කොට තිබූ අනුරගේ ඡන්ද ප්‍රතිශතය මාසෙන් මාසෙට පහළ බැස්සේය.

2024 පෙබරවාරි මාසයේ 53%ක්ව තිබූ අනුරගේ ප්‍රතිශතය මාර්තුවලදී 44%ට බැස්සේය. පෙබරවාරි මාසයේ 34%ට සිටි සජිත්ගේ ප්‍රතිශතය මාර්තු මාසයේදී 41%ට නැග්ගේය.

මැයි මාසයේ එළියට දැමූ රන්නන් එලියගේ මත විමසුමේ ප්‍රතිඵලයට අනුව අනුර 44%සිට තවත් 3%ක් පල්ලම් බසිමින් 39%ට වැටුණේය. සජිත්ගේ ඡන්ද ප්‍රතිශතයද 41%සිට 38% දක්වා පහත දමා තිබිණි. හැබැයි එහි රනිල්ගේ ඡන්ද ප්‍රතිශතය 15%ක් ලෙස දක්වා තිබුණේ රනිල්-සජිත් එකතු වුවහොත් අනුර පරද්දන්න පුළුවන් බව පෙන්වන්නටය.

හැබැයි මීට මාස 2කට ඉහතදී රන්නන් එලිය තමන්ගේ අලුත්ම මත විමසුමේ ප්‍රතිඵලද නිකුත් කොට තිබිණි. එහි ප්‍රතිඵල මීට මාස 6කට ඉහතදී සිදුකළ මත විමසුමේ ප්‍රතිඵලවලට වඩා හාත්පසින්ම වෙනස්ය. පළමු වතාවට එහි අනුර පසුපසට ගොස් සජිත් ජයග්‍රහණය කරන බව අනාවරණ කොට තිබිණි. එහි සජිත් 43%ක් ගනිද්දී අනුර ගන්නා බව කියා තිබුණේ 30%කි. දෙදෙනා අතර පරතරය 13%කි.රනිල් 20%ක් ගනු ඇති බව එහි අනාවරණ කොට තිබුණු අතර, රනිල් හා සජිත් අතර පරතරය 23%කි.

මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණයක් තිබේ. ඒ, රන්නන් එලිය පමණක් නොව, පෙර කී ප්‍රකට ආයතනයද මේ මත විමසුම් සියල්ල සිදුකර තිබුණේ පොහොට්ටුව විසින් නිශ්චිත අපේක්ෂකයකු ඉදිරිපත් කර නොතිබූ පසුබිමකය. නමුත් දැන් පොහොට්ටුව විසින් රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ ජනාධිපති සටනට ඉදිරිපත් කර අවසානය.ඒ අනුව දැන් ගම්වල පොහොට්ටු පාක්ෂිකයන් යළිත් වතාවක් හිස එසවීමට පටන්ගෙන තිබේ. පොහොට්ටුවේ ඡන්ද පදනම යළිත් වතාවක් ශක්තිමත් වීමට පටන්ගෙන තිබේ.

පොහොට්ටුව ගම්වල ශක්තිමත් වෙනවා කියන්නේ පොහොට්ටුවෙන් රනිල්ටත්,අනුරටත් යන්න තිබූ ඡන්ද තවත් අඩුවෙනවා කියන එකය.
හැබැයි දැන් රන්නන් එලිය ගැන එදා ලිව්වා වගේ පත්තරවල ලිපි ලියවෙන්නේ නැත.මාධ්‍ය ඔස්තාර්ලා රන්නන්ගේ මත විමසුම්වල ප්‍රතිඵල ගෙන පත්තරවල පල් හෑලි ලියන්නේ නැත. ජවිපෙ ටිල්වින්ලා,හඳුන්නෙත්තිලා, නලින්ද ජයතිස්සලා මත විමසුම් ප්‍රතිඵල ගැන මැතිවරණ වේදිකාවල කතා කරන්නේ නැත. ඒ වෙනුවට දැන් ජවිපෙ කියන්නේ මේ මත විමසුම් බොරු යැයි කියාය.

එදා රන්නන් එලියට කඩේ ගිය ජවිපෙද අද රන්නන් එලියට තඩිබාමින් සිටින ආකාරයක් පෙනෙන්නට ඇත. හැබැයි ප්‍රතිඵලය කුමක් වුවත් අදත් අප කියන්නේ එදා කී දේමය. ඒ,රන්නන් යනු අලි බොරුකාරයෙක් කියන එකය.

කපිල පුංචිමාන්නගේ – මව්රට පුවත්පත

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅතට අත දීම සහ දිට්ඨ ධම්ම වේදනීය කර්මය!උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Next Article රුහුණ පෙරට – රට අනුරට රැළිය සජීවී විකාශය
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.