පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම එන්නතම භාවිතා කළ මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා මතුවූ බවත් මේ වන විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවා පරික්ෂා කරන තෙක් මහනුවර රෝහලට සහ පේරාදෙණිය රෝහලට ලබාදී ඇති කාණ්ඩය තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. (සෘජු උපුටාගැනීම: එසැණ)
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.