Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » MAK Lubricants, Toyota Lanka සමඟ එක්ව මෝටර් රථ සහ කාර්මික ලිහිසිකරණ විසඳුම් පිළිබඳව නව යුගයක් ආරම්භ කරයි
Financial 12 Views

MAK Lubricants, Toyota Lanka සමඟ එක්ව මෝටර් රථ සහ කාර්මික ලිහිසිකරණ විසඳුම් පිළිබඳව නව යුගයක් ආරම්භ කරයි

Buzzer EditorBy Buzzer EditorNovember 17, 2023No Comments3 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Toyota Lanka (Pvt) Ltd විසින් එහි අනුබද්ධිත ආයතනය වන Toyotsu Lanka (Pvt) Ltd සහ Bharat Petroleum සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MAK Lubricants නව යුගයක සමාරම්භය පසුගියදා සනිටුහන් කරන ලදි. “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා එම ආයතනවල ගෞරවනීය හවුල්කරුවන් සහ Bharat Petroleum Corporation Limited හි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙම අවස්ථාවට පැමිණ සිටි ආරාධිතයින් උණුසුම් ලෙස පිළිගනිමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා Toyota Lanka අනුබද්ධ Toyotsu Lanka සහ Bharat Petroleum Corporation අතර ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ සඳහන් කළේය. “අපගේ සමාගම් අතර පවතින මෙම හවුල්කාරිත්වය තුළින් පාරිභෝගිකයින්ට සහ අපගේ බෙදාහැරීම් ජාලයේ හවුල්කරුවන් වෙත ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. දූරදර්ශී සමාගම් කිහිපයක් මෙවැනි හවුල්කාරිත්වයක් ඔස්සේ එකතු වූ විට කර්මාන්ත ක්ෂේත්‍රය නිසියාකාරව හැඩගස්වමින් ලෝකය යහපත් දිශාවක් වෙත හැරවිය හැකි බව අප විශ්වාස කරනවා.”

Bharat Petroleum යනු මෝටර් රථ සහ කාර්මික යෙදුම්වල ආන්තික පරිසර (extreme ambient) සහ මෙහෙයුම් තත්වයන් යටතේ (operating conditions) පවා ඉහළම කාර්ය සාධනයක් ලබා දෙන තාක්‍ෂණිකව දියුණු ලිහිසි තෙල්වල ප්‍රබල නවෝත්පාදකයකි. එහි MAK Lubricants සන්නාමය ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ද ලිහිසි තෙල් සහ ග්‍රීස් සඳහා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගෙන සිටියි. මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් Bharat Petroleum සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ පී.සුදාහාර් මහතා,එහි ලිහිසි තෙල් කර්මාන්ත අංශයේ (දකුණු ) ප්‍රධානී එස්.කන්නන් මහතා, ප්‍රධාන අපනයන කළමණාකාර මනීන්දර් සිං මහතා සහ ශ්‍රී ලංකාවේ කළමනාකරු උමේෂ් ලුහානා මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. එහිදී Bharat Petroleum හි විධායක අධ්‍යක්ෂ පී. සුදාහාර් මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “MAK ලිහිසි තෙල් කර්මාන්තය මෙහෙයවන දර්ශනය වන්නේ, ගනුදෙනුකරුවන් අපගේ පාරිභෝගිකයින් පමණක් නොව අපගේ සැබෑ හවුල්කරුවන් ලෙස සලකමින් කටයුතු කිරීමයි. අපගේ පර්යේෂණ ඔස්සේ නිෂ්පාදනයේ ගුණාත්මක බව මෙන්ම උපකරණවල සේවා කාලය සහ පරිසර හිතකාමි බව තවදුරටත් වැඩි දියුණු කිරීමට ඉදිරියේදී අපට හැකියාව ලැබේ යැයි අප බලාපොරොත්තු වෙනවා.”

Bharat Petroleum සහ Toyotsu Lanka අතර හවුල්කාරිත්වය සහ විශ්වාසය මෙන්ම Toyotsu Lanka විසින් සිය නිෂ්පාදන පිරිනැමීම් පුළුල් කිරීමට සහ උසස් තත්ත්වයේ ලිහිසි තෙල් තම පාරිභෝගිකයන් වෙත ලබා දීමට ඇති කැපවීම මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මැනවින් සංකේතවත් වූ අතර තවදුරටත් ඉහළ තලයක් වෙත Toyotsu Lanka සමාගම රැගෙන යාම කෙරෙහි බෙදාහරින්නන්ගේ කාර්‍යභාරය ප්‍රබල අනුබලයක් වූ බව අවධාරණය කරමින් ඔවුන් වෙත ගෞරව ප්‍රණාම පුද කිරීමද මෙහිදී සිදුවිය.

Toyota Lanka හි පූර්ණ අනුබද්ධිත Toyotsu Lanka සමාගම, ආරක්ෂිත සහ ගුණාත්මක සේවයක් සහ දැරිය හැකි මිලක් හඳුන්වාදෙමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් රාශියක් පිරිනමා ඇත. දිවයින පුරා ස්ථාන 1,000කට අධික ප්‍රමාණයක් දක්වා විහිදුණු අලෙවි නියෝජිත ජාලය සමඟින් Toyotsu Lanka මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ගුණාත්මකභාවයේ සහ විශ්වසනීයත්වයේ සංකේතයක් ලෙස පාරිභෝගික ජනාදරය හිමි කර ගෙන තිබේ.ඉන්දියාවේ Bharat Petroleum සමඟ ඇතිකර ගත් හවුල්කාරීත්වයට අමතරව ජපානයේ Toyota Tsusho Corporation හි CWORKS සහතික ලත් , අලෙවියෙන් පසු අමතර කොටස් ආනයන සහ බෙදාහරින්නා ලෙස ද Toyotsu Lanka සමාගම සිය හවුල්කාරිත්වය ගොඩනඟාගෙන ඇත.

MAK Lubricants හඳුන්වාදීම ඔස්සේ Bharat Petroleum Corporation සහ Toyotsu Lanka අතර ඇති හවුල්කාරිත්වය තුළින් ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට සහ වෙළෙඳපල පුළුල් කරගැනීමට ඇති අවස්ථාව වඩාත් සවිමත් කරයි. එමෙන්ම මෙය ආයතනික දැවැන්තයින් දෙදෙනෙකුගේ තවත් එක් හවුල්කාරීත්වයක් පමණක් නොව, “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ ගනුදෙනුකරුවන් අපේක්ෂා කරනවාටත් වඩා හොඳ නිෂ්පාදන සහ සේවාවන් සැපයීමේ පොරොන්දුවකි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඊශ්‍රායලය සමඟ ඇතිකරගත් ව්‍යපෘති සියල්ලක්ම නවත්වනවා – ජෝර්දාන විදේශ ඇමැති
Next Article පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීම් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.