Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආණ්ඩුවේ හොරකම් නැති නිසා විපක්ෂය අධ්‍යාපන සුදුසුකම් හොයන්න අරගෙන
News 6 Views

ආණ්ඩුවේ හොරකම් නැති නිසා විපක්ෂය අධ්‍යාපන සුදුසුකම් හොයන්න අරගෙන

Buzzer EditorialBy Buzzer EditorialDecember 18, 2024Updated:December 18, 2024No Comments3 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආණ්ඩුවේ හොරකම් නැති නිසා විපක්ෂය අධ්‍යාපන සුදුසුකම් හොයන්න අරගෙන.

වත්මන් රජයේ හොරකම් නැති බැවින් විපක්ෂය අධ්‍යාපන සුදුසුකම් සෙවීමේ පටු දේශපාලන අරමුණක නිරත වෙමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55% ක ම අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවෙලා තිබෙනවා. එයිනුත් ග්‍රාමීය හා වතු ආශ්‍රිත දරුවන්ට වැඩි බලපෑමක් ඇතිවෙලා. බලපෑමට ලක් වූ ළමුන් අතරින් 53.2% ක් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම මුළුමනින්ම නවතා දමා තිබෙනවා. 62.1% ක් පෙර භාවිත කළ පාසල් ද්‍රව්‍ය නැවත භාවිත කරනවා. මෙලෙස අවදානමට ලක් වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීමට 2025 වසරේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිණිස පාසල් සඳහා දීමනාවක් දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම හිමි පවුල්වල වයස අවුරුදු පහත් දහසයත් අතර ළමුන් සඳහා එක් ළමයෙකුට රුපියල් හය දහසක (6000) දීමනාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අස්වැසුම නොලබන ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ළමුන්ටත් මේ දීමනාව අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව දරුවන් විශේෂයෙන්ම පාසල තුළ රඳවා ගැනීම සඳහා ආණ්ඩුව වැඩ කරමින් යනවා. පසුගිය කාලය තුළ දිවා ආහාර වේල ලබා දීමේදී පැන නැගුණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ සඳහා මුදල් වෙන් කළාට මේ ආහාර වේල නිසි විදියට සියලුම දරුවන්ට ලැබුණාද කියන එක ප්‍රශ්නයක්.

2025 වසර සඳහා සියලුම දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා චීන රජයෙන් අපිට සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව අපි චීන රජයට ස්තූතිවන්ත වෙනවා. මම කණගාටු වෙනවා, රජයක් ලෙස රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයමින් මේවට මැදිහත් වෙන අතරතුර විපක්ෂයේ යම් යම් කණ්ඩායම් ඔවුන්ට සම්බන්ධ මාධ්‍ය භාවිත කරමින් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම ගැන.

චීන රජය පාසැල් නිල ඇදුම් ප්‍රදානය කළ අවස්ථාවේ ඇති වු සිද්ධියකට මාව සම්බන්ධ කරමින් චීන රජයටවත් තිබ්බ නැති ප්‍රශ්නයක් මතු කරන්න උත්සාහයක් ගත්තා. චීන තානාපතිතුමාත්, චීන රජයත් තේරුම් ගත්තා මේක පිටුපස තියන දේශපාලන උවමනාව මොකක්ද කියන එක. අපේ ආණ්ඩුවට ජාත්‍යන්තර සම්බන්ධතා හරියට පවත්වාගෙන යන්න බැහැ කියන මතය සමාජගත කරන්න විපක්ෂය පුදුම උත්සාහයක් ගත්තත් ඒ හැම අවස්ථාවක්ම පරාජය වෙලා තියෙනවා.

මේ වෙනකොට විපක්ෂයට අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පුදුම උනන්දුවක් ඇති වෙලා. ඉස්සර විපක්ෂය කතා කළේ ආණ්ඩුවේ අධ්‍යාපන සුදුසුකම් ගැන නෙමෙයි හොරකම් ගැන. දැන් අපේ හොරකම් ගැන හොයන්න බැරි නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන හොයනවා. අවංකව ජනතාව වෙනුවෙන් බොරුවක් හෙළිදරව් කිරීමේ වුවමනාවෙන් නම් මේ පරීක්ෂණය සිද්ධ වෙන්නේ ඒකට අපි සහයෝගය දෙනවා. නමුත් මෙතන තියෙන්නේ ඉතාමත්ම පටු දේශපාලන අරමුණක්. මේ ආණ්ඩුව පත්වුණු මොහොතේ සිටම විපක්ෂය උත්සාහ කළේ රජය අවතක්සේරු කරන්න. අපි පිළිබඳ වැරදි චිත්‍රයක් සමාජගත කරන්න.

ජනතාව මේ පාර්ලිමේන්තුව පත්කළ අරමුණ තවම විපක්ෂය තේරුම් අරගෙන නැති බව විපක්ෂයේ කටයුතු වලින් පැහැදිළි වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහිටපු ජනපති රනිල්ගෙන් ජනපති අනුර ට ප්‍රශංසා
Next Article PAYE tax වෙනස් වෙන්නේ මෙහෙමයි
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.