ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විටදී 80 වැනි වියේ පසුවිය.
දේහය හෙට (18) පෙරවරුවේ සිට අනිද්දා (19) පෙරවරු දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා (19) ඔහුගේ දේහය කොස්වාඩියේ නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ.
අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකෙරේ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.