ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවත් පැවැසෙයි.
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය. (රොයිටර්)


තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.