2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel විසින් සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව, සංචාරය සඳහා සුදුසු ලොව හොඳම දූපත් 50 අතරින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සැතපුම් 833ක දිගින් යුත් වෙරළ තීරය, දර්ශනීය මධ්‍ය කඳුකරය, ලෝකප්‍රසිද්ධ තේ වගාවන්, පොහොසත් සංස්කෘතික උරුමය සහ සුවිශේෂී ජෛව විවිධත්වය මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණීමට ප්‍රධාන හේතු ලෙස දක්වා තිබේ.
එමෙන්ම යාල ජාතික වනෝද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් සිගිරිය ඇතුළු ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන ද මෙම ජයග්‍රහණයට බලපා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, ලොව හොඳම වෙරළ තීරයන් 50 අතර ශ්‍රී ලංකාවේ උණවටුන වෙරළ තීරය 26 වැනි ස්ථානයට පත්ව ඇති බව ද වාර්තා වේ.


