Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

July 3, 2026

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

July 3, 2026

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

July 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්
  • යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
  • රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි
  • පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි – ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
  • කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
  • ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
  • දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි – අගවිනිසුරු
  • සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 3
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි
News 2 Views

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 3, 2026No Comments4 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Update : 9.38 AM :- හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අඅරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා මේ වනවිට අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

————————

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටියේය.

ඒ අතරතුරදී 2023 වසරේ මාර්තු මාසයේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව අල්ලස් කොමිසම පැවසීය.

එකම ගුවන් යානයක ඔවුන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද  කොමිසම සඳහන් කළේය.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබේ.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර, තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

අදාළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තාවී තිබේ.

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

පසුගිය දා ජුනි 25 වනදා පැවැති නඩු වාරයේදී අනාවරණය වූ කරුණු පහතින්,

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම කියා සිටියේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2023 වර්ෂයේ නදුන් චින්තක නොහොත් හරක්කටා රැඳවුම් භාරයේ සිටියදී මෙම සැකකාර චරිත අබේසිංහ විසින් හරක්කටාගේ සමීපතමයෙකු වූ නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට දුරකථන ඇමතුමක් ලබාදී රැඳවුම් භාරයේ සිටියදී හරක්කටා ඝාතනයට ලක්විය හැකි බවත්, ඔහුව බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කළ හැකි බව සහ වෙනත් සහන ලබාදිය හැකි බව පවසා ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට කියා සිටියාය.

එබැවින් ඒ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ සමඟ ඩීල් එක දමන ලෙස සැකකාර චරිත අබේසිංහ හර්බි නැමැත්තාට පවසා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

අනතුරුව චරිත අබේසිංහ, නීතිඥ රඛිත රාජපක්ෂ සහ අරුණ යන මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 25 දින ඩුබායි රාජ්‍ය බලා ගොස් හර්බි නැමැත්තාගේ නිවසේදී හරක්කටාගේ බිරිඳගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

එහිදී පළමුව ලක්ෂ 5000ක් ඉල්ලා, පසුව එය ලක්ෂ 2000 දක්වා අඩුකර ඉන් ලක්ෂ 1200ක් අත්තිකාරම් මුදල ලෙස ලබාගෙන ඇති බවද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් අල්ලස් මුදල ලබාගැනීමෙන් පසු පොරොන්දු ඉටු නොකිරීම නිසා හරක් කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය යළි සිය මුදල් ඉල්ලා ඇති බවත්, එවිට චරිත අබේසිංහ විසින් මෑතකදී ඝාතනයට ලක්වූ මිදිගම ලසන්ත නැමැත්තා හරහා ලක්ෂ 200ක මුදලක් ආපසු හරක් කටාගේ බිරිඳට යවා ඇති බව විමර්ශනයෙන් අනාවරණය වූ බවද සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර නඳුන් චින්තක හෙවත් හරක් කටා විමර්ශන නිලධාරින්ට ප්‍රකාශයක්ද ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

අනතුරුව සැකකරුවන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරුන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

එහිදී සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ සිය සේවාදායකයාට ස්ලීප් ඇප්නියා නම් රෝගී තත්ත්වය ඇති බවත් රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුට ජීවිත අවධානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙසය.

එසේම චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සිය සේවාදායකයාට බරපතළ හෘද රෝගී තත්ත්වයක් පවතින බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හරහා ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් ඔවුන්ට එම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා අද (ජුලි මස 03 වනදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි – ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
Next Article යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

July 3, 2026

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

July 3, 2026

පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි – ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්

July 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

July 3, 2026

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

July 3, 2026

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

July 3, 2026

පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි – ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්

July 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 3, 20260 Views

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

By Buzzer EditorialJuly 3, 202600 Views

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවමත් පාලනය වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

July 3, 2026

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

July 3, 2026

පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි – ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්

July 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්
  • යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
  • රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි
  • පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි – ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
  • කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
  • ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
  • දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි – අගවිනිසුරු
  • සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.