ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තුන්වන එක්දින තරඟය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් රැස් කළේය.
ඒරන් ෆින්ච් ලකුණු 62ක්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 70ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 49ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජෙෆ්රි වෙන්ඩේස් කඩුලු 3ක් ද, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් ද බිඳ දැමූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව 49 වැනි ඕවරයේදී එම ඉලක්කය පසු කළේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ පැතුම් නිශ්ශංක (137), කුසල් මෙන්ඩිස් (87) සහ ධනංජය ද සිල්වා (25) ය.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරමුණ ගැනීමට සමත් වූහ.