Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
Politics 5 Views

සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්

Buzzer EditorialBy Buzzer EditorialMay 1, 2026No Comments4 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (01) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති මැයි දින රැලියේදී අදහස් දක්වමිනි.

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බවත් ඒ සඳහා තමන් සිය ස්තූතිය පළ කරන බවත්ය.

එමෙන්ම අදාළ සුබ පැතුම් පණිවිඩය මගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇති පරිදි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යාම සඳහා කමිටුවක් පත් කළ යුතු බව සඳහන් කර ඇති නමුත් පක්ෂ දෙක මේ වන විට එක්ව ඇති බැවින් එම කමිටු අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.

විපක්ෂනායකවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ අදාළ කමිටු තුළ සිටින ඇතැම් පුද්ගලයින් මෙම එක්වීම කඩාකප්පල්කාරී කිරීමට කටයුතු කරන බවත් කෙසේ නමුත් ඔවුන්ගේ එම කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙතට මින් පසු ඉඩ තැබීමට කටයුතු නොකරන බවත්ය.

සමගි ජන බලවේග මැයි දින රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය ආයතන සියල්ලක්ම විනාශ කරලා, අධ්‍යාපනය විනාශ කළා, වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා, ගල්අඟුරු හොරකම් කළා බාල ගල්අඟුරු ගෙනාවා අදටත් ඒ පිළිබඳව නිසි වගකීමක් කවුරුත් අරගෙන නෑ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගෙන නෑ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට ඕනේ නෑ. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා කියලා. හැබැයි හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා, අලුතින් හොරු නිර්මාණය කරනවා. මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලිබල ඇමති ඒ පුටුවේ ඉඳගෙන බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය නොසිටින්න අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා. 

අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වළල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන කාර්ටෙල් එකක් නිර්මාණය වෙලාලු හැබැයි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පච වළල්ල. පැලවත්තේ පච වළල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ. මේ මැයි දිනේට අපි එනකොට අනෙකුත් මැයි දිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවාම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමගි ජනබලවේග නායකත්වය තුළ මේ පච වැඩ කරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන රාජ්‍ය පාලනයකට අපි මුළ පුරණවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.

රටට අවශ්‍ය ජනතාවට විසඳුම්, ජනතාවට මුහුණ දෙන ගැටලුවලට උත්තර. අපි සූදානම් මේ උත්තර සපයන්න. අපේ රටේ ගොවි, ධීවර, කම්කරු, ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාව දුගී දුප්පත් ජනතාව අද අන්ත අසරණභාවයට පත්වෙලා. කාන්තා පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, ළදරු පරපුර අද අන්ත අසරණභාවයට පත්වෙලා. අද මැද පන්තියට, වෘත්තියවේදීන්ට, වෘත්තිකයින්ට අද තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වහලය තිබුණු ටකරම අහිමි වුණු අය ලක්ෂ 10 බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඉඩමක් නිවසක් අහිමි වුණ අය දෙනවායි කියපු රුපියල් කෝටිය ලැබෙනකන් බලන් ඉන්නවා. අද රටේ හැමෝටම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වුණු ජනතාව අමතක කරපු දේශපාලන සංස්කෘතියක් අද රටේ තිබෙන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට අලුත් වෙන්න ඕනේ, නවීකරණය වෙන්න ඕනේ, සුපුරුදු රාමුවට කොටු වෙලා 76 වසරක පරණ දේශපාලන ක්‍රමය වෙනුවට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලකට යොමුවෙන්න ඕනේ. ඒ නිසා සක්වල, හුස්ම වැඩසටහන් අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා ඒ විතරක් නෙමෙයි ස්මාර්ට් රටක් ගොඩනගන්න සුහුරු ක්‍රමවේද අපි ක්‍රියාත්මක කරලා අලුත්ම ව්‍යාපෘතියක් හැටියට පාසල් පදනම තුළ AI අධ්‍යාපනය ලබා දෙන්නත් අපි ඒ වැඩපිළිවෙලත් ආරම්භ කරනවා.

සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමග එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කථානායකව සති කිහිපයක් තුළ ගෙදර යැව්වා. ඒ විතරක් නෙමෙයි බාල ගල්අඟරු අපේ රටේ ලක්විජය බලාගාරයට යොමු කරපු ඇමතිවරයාවත් ගෙදර යැව්වා, ලේකම්වත් ගෙදර යැව්වා. විවිධ කණ්ඩායම් ඉන්නවා රජයේ කොන්ත්‍රාත් කරනවා, ආණ්ඩු වෙනුවෙන් විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵළ ඇති රුකටයි ගල් ගහන්නේ. පැහැදිලිව මම කියන්න කැමති රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්‍රගතිශීලී සියලුම දෙනාත් සමග අත්වැල් බැඳගෙන ජනතා විමුක්ති පෙරමුණු පාලනය තුළ කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.

අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලේ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ. 

මම කියන්න කැමතියි අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න. කල් අරගෙන නෙමෙයි දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි මේක අභියෝගයක්. මේ අතිසාර්ථක මැයි දින රැලිය ඔබ සියලු දෙනාගේම ශක්තිය තුළ සාර්ථක මැයි රැලියක් බවට පත්වුණා. පළාත් සභා මැයි රැලිය තියන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමෝ ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමගයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.”

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Next Article අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි නසාගෙන ඇති බව හෙළිවෙයි
Buzzer Editorial

Related Posts

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20262 Views

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

By Buzzer EditorialJuly 21, 202602 Views

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී…

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.