ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ නිලවරණයේදී 2023 සිට 2025 දක්වා කාලය සඳහා ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත් විය.
මෙම තීරණය අභියාචනාධිකරණයේ විශ්රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියගේ ප්රධානත්වයෙන්, විශ්රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා ශ්රී ලංකා පරිපාලන සේවයේ විශ්රාමික සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්රී ලංකා ක්රිකට් නිලවරණ කමිටුව විසින් ප්රකාශයට පත් කර ඇත.
සිල්වා මහතාගේ නිලවරණය ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයා ලෙස ඔහුගේ 3 වැනි ධුර කාලය සනිටුහන් කරන අතර, 2 වැනි වරටත් නිතරගයෙන් තේරී පත් විය.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.