පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින” (Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වූවාය.
ඇය මෙම කිරුළට අමතරව එහි පැවැති අනෙකුත් අනුතරග සියල්ලේ කිරුළු තමන් සතු කරගැනීමට සමත්වීම විශේෂත්වයකි. එවැන්නක් සිදු කළ මෙරට පළමු රූ රැජින ලෙස ඇය වාර්තා පොතට එක්වන්නීය.
මෙහිදී ඇය “Mrs Earth best in catwalk, “Overall best in Gown”, “Overall Best in Resort wear”, “Best in Talent” යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය.
පිලිපීනයේ මැනිලා නුවර Parañaque නගරයේ පැවැති මෙම “Mrs.Earth international – 2023” තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.