Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය
News 94 Views

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

Buzzer EditorialBy Buzzer EditorialSeptember 2, 2024No Comments5 Mins Read94 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (02) පස්වරුවේ කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට

  • කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5,450 සිට රු.13,980 දක්වා
  • රියදුරන් සඳහා රු.6,960 සිට රු.16,340 දක්වා
  • සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා 
  • කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා
  • සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා
  • විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා
  • හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා
  • විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා
  • ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා 
  • පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා 
  • ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා
  • පරිපාලන සේවය සඳහා රු.28,885 ක්
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්
  • ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක් 
  • වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා
  • වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර
  • රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ
  • රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ  ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.

එසේම  රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.

තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම  සිදු වේ.

කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය.

එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.

මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා  වැටුප්  රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ.

විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.

තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

තවද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වන ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදු වේ.

ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවේ. උපාධිධාරී ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් ද, දෙවන ශ්‍රේණිය සඳහා රුපියිල් 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදු වේ.

පොලිස් කොස්තාපල්වරයකුගේ  වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ රුපියල් 13,210කිනි. එසේම උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතය.

ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවේ. පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වේ.

සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885කින් වැඩිවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර  ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545කින් වැඩිවනු ඇත.

එසේම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින්ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවේ. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතය. 

මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම
Next Article සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.