පසුගිය ජුලි 9වනදා රටේ උද්ගතවූ තත්වය සමගින් ජනපති නිවාස, අරලියගහ මන්දිරය සහ ජනපති ලේකම් කාර්යාලය අරගල කරුවන් අතට පත් වුණා. ඒ සමගම රනිල වික්‍රමසිංහ වත්මන් වැඩබලන ජනපතිගේ පෞද්ගලික නිවසට ගිණි තැබීමද සුවිශේෂී සිද්ධියකි. මෙම ගිනිතැබීම පිටුපස සිටි පිරිස පිලිබඳ විවිධ මත පළවුවත් එම සිද්ධියත් සමග එම ස්ථානයේදීම සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වුණා. පසුව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීමෙන් පසු එහි ආරංචි මාර්ගයකින් පැවසුනේ මෙම ගිනි තැබීම පිටුපස දේශපාලන අතපෙවීමක් ඇති බවයි. පසුව අනාවරණය කරගත් තොරතුරු අනුව සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු අමාත්‍යවරයකුගේ පුත්‍රයකු මෙම ගිණි තැබීමට ඍජුවම සම්භන්ධ බවටත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පැවසුනා.
නමුත් එම දේශපාලඥයාගේ පුතා මේ වන විට රටින් පැනගොස් ඩුබායි හි සැඟව සිටින බවට වාර්තා වනවා.
Trending
- දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
- සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට – සතුන් කළමනාකරණයටත් වැඩපිළිවෙලක්
- මිලේනියම් සිටි නඩුවෙන් මහනුවර හිටපු ASP උඩුගම්පොළ නිදොස් කොට නිදහස්
- ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවතට
- පොලිස්පතිවරයෙක් ධුරයෙන් ඉවත් කළ හැකි විදිය පහදයි
- මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ
- අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරයි
- මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්
Thursday, March 27