පසුගිය ජුලි 9වනදා රටේ උද්ගතවූ තත්වය සමගින් ජනපති නිවාස, අරලියගහ මන්දිරය සහ ජනපති ලේකම් කාර්යාලය අරගල කරුවන් අතට පත් වුණා. ඒ සමගම රනිල වික්‍රමසිංහ වත්මන් වැඩබලන ජනපතිගේ පෞද්ගලික නිවසට ගිණි තැබීමද සුවිශේෂී සිද්ධියකි. මෙම ගිනිතැබීම පිටුපස සිටි පිරිස පිලිබඳ විවිධ මත පළවුවත් එම සිද්ධියත් සමග එම ස්ථානයේදීම සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වුණා. පසුව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීමෙන් පසු එහි ආරංචි මාර්ගයකින් පැවසුනේ මෙම ගිනි තැබීම පිටුපස දේශපාලන අතපෙවීමක් ඇති බවයි. පසුව අනාවරණය කරගත් තොරතුරු අනුව සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු අමාත්‍යවරයකුගේ පුත්‍රයකු මෙම ගිණි තැබීමට ඍජුවම සම්භන්ධ බවටත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පැවසුනා.
නමුත් එම දේශපාලඥයාගේ පුතා මේ වන විට රටින් පැනගොස් ඩුබායි හි සැඟව සිටින බවට වාර්තා වනවා.
Trending
- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Sunday, July 19


