2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් මෙය හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි එම අරමුදල සඳහන් කරන්නේ.
රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවත් මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම බවත් මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි ආදායම මත පදනම් වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.
මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට සූදානම් වූ දේපොළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාදවීම හේතුකොට ගෙන මෙලෙස නව ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.