Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
News 3 Views

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Buzzer EditorialBy Buzzer EditorialMay 8, 2026Updated:May 8, 2026No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමින්ය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය. 

මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව  සහ මෙම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරිමට එමගින් හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළෙහි  ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් බව නිලධාරීහු පෙන්වා දුන්හ.

“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු, 2025.10.30 වන දින සිට මේ දක්වා ගංජා කිලෝ ග්‍රෑම් 5437.457ක්ද, හොරොයින් කිලෝ ග්‍රෑම් 1936.325ක්ද, අයිස් කිලෝ ග්‍රෑම් 1991.414ක්ද, කොකේන් කිලෝග්‍රෑම් 271.724ක්ද, මත්පෙති 1,574,895ක්ද, නීති විරෝධී සිගරට් 629,988ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඊට අදාළව සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ. 

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර 2007 අංක 54 දරන පුනරුත්ථාපන (සංශෝධිත) පනත් කෙටුම්පත ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කෙරිණි. පුනරුත්ථාපන ක්‍රියාවලිය, එහිදී අනුගමනය කළ හැකි ක්‍රමෝපාය මෙන්ම පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබවඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයෙන් පසුව යළි ඇබ්බැහිවීම වැළැක්වීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ වෙනුවෙන් පෞරුෂය සහ ආකල්ප සංවර්ධන වැඩසටහන්, රැකියා ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් සහ ස්වයංරැකියා සඳහා සහාය ලබා දීම ආදී වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙන බව සඳහන් කෙරිණි.

එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, මත්ද්‍රව්‍ය හේතුවෙන් වැඩිම පීඩාවට පත් වූ පවුල් 25 බැගින් තෝරා ගෙන ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර, එම සියලු වැඩසටහන් ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට පමණක් සීමා නොවී, එම පණිවිඩය නිසි ලෙස සමාජගත වී ඇත්ද සහ එහි ප්‍රගතිය පිළිබඳ නිරන්තර පසු විපරමක නිරත වීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් එම යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍යවලට අදාළ නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම සහ නඩු පැවරීම් කඩිනම් කිරීමට ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිස් සම්බන්ධ නීතිමය කටයුතු සහ එම ක්‍රියාවලිය කඩිනම් කර, බන්ධනාගාර තදබදය මඟහරවා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

මත්ද්‍රව්‍යවලට අදාළව පසුගිය දා  අත්අඩංගුවට ගත් භික්ෂුන්වහන්සේලා සම්බන්ධ විමර්ශන කටයුතු සහ පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී පොලිස්පතිවරයා විසින් පැහැදිලි කරන ලදී. 

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක සංවිධානාත්මක වැඩපිළිවෙළ මැඬලීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කාර්යාංශය එක්ව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය මෙන්ම  ජූනි 26 දිනට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ප්‍රජාව මුල් කර ගනිමින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාව දැනුවත් කෙරිණි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleප්‍රදේශ කිහිපයකට මි.මී 100ක පමණ තද වැසි
Next Article ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී
Buzzer Editorial

Related Posts

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20262 Views

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

By Buzzer EditorialJuly 21, 202602 Views

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී…

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.