ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව වගන්ති කිහිපයක් විශේෂ බහුතරකින් සහ තවත් වගන්ති කිහිපයක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දු කර තිබෙනවා.
කෙසේ නමුත් කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තුවේදී සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවයි එම තීරණයේ වැඩිදුරටත් දක්වෙන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.