PUCSL නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙසේ යෝජනා කර ඇතැයි පැවැසෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 26 වැනිදා රැස්වී මේ නාම යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවක් අනුව ඒ තනතුරෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය. ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර පසුගිය කාලයේදී මත ගැටුමක් ඇතිවිය. රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
ජනක රත්නායක මහතාට එරෙහි එම යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි. සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.