Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ – ශ්‍රී ලංකා මහබැංකුව
News 1 Views

වාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ – ශ්‍රී ලංකා මහබැංකුව

Buzzer EditorialBy Buzzer EditorialJuly 7, 2025No Comments4 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.  

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. 

අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය.

එතැන් සිට ජුනි මාසය අවසානය දක්වා මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබේ.

ඒ අතරින් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 13,614කි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට ගෙවුණු මාස 5 තුළ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි විවෘත කර ඇති අතර මේ වනවිට ඉන් ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර අවසන්ය.

මෙවන් පසුබිමක ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කිරීම සඳහා මහබැංකුව, මහා භාණ්ඩාගාරය වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළේය.

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවය.

එමෙන්ම වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරය වෙත ලබාදී නොමැති බව එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිඳු බලපෑමක් සිදුනොවන අතර වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදෙස් සංචිත ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බව මහ බැංකුව පවසයි.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිඳු බලපෑමක් නොමැති බවය.

මෙවන් පසුබිමක මෙරටට ආනයනය කරන රථ වාහනවල වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන්ද අද දෙරණ සොයා බැලීමක් කළේය.

Suzuki Wagon R FX-S රථයක් ජපානයේ රුපියල් ලක්ෂ 36ක් වන අතර එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 38ක බදු මුදලක් අය කෙරේ.

ඒ අනුව එම රථය මෙරටට ආනයනය කරන මිල ලක්ෂ 74ක් පමණ වුවත් එය මෙරට තුළ අලෙවි වන්නේ ලක්ෂ 86ක පමණ මිලකට‍ය.

Toyota Raize 1200cc Hybrid රථයක් ජපානයේ ලක්ෂ 74ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ 64කි.

ඒ අනුව Toyota Raize රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 138ක් පමණ වුවත් එය සැබැවින්ම අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 165 ක් වැනි මිලකටයි.

Honda VEZEL X වර්ගයේ රථයක ජපානයේ මිල ලක්ෂ 88ක් වන අතර එය ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල ලක්ෂ 90කි.

ඒ අනුව VEZEL X වර්ගයේ රථයක් මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 178ක පමණ මිලකට වුවත් සැබැවින්ම එම රථය අලෙවි වන්නේ ලක්ෂ 210ක පමණ මිලකටය.

Toyota Hilux GR Sport වර්ගයේ රථයක තායිලන්තයේ මිල රුපියල් ලක්ෂ 150ක පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 130ක බදු මුදලක් අය කරයි.

බදුවලින් පසු එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 285ක පමණ වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 320ක් වැනි මිලකටය.

ජපානයේ Toyota Yaris Cross රථයක් රුපියල් ලක්ෂ 65ක පමණ වටිනාකමක් වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 89ක බදු මුදලක් අය කෙරේ.

එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 154 ක් වැනි වටිනාකමක පැවතියත් එය අලෙවි කෙරෙන්නේ රුපියල් ලක්ෂ 195ක් වැනි ඉහළ මිලකටය.

Toyota Land Cruiser Prado 250 රථයක නිෂ්පාදිත රටේ වටිනාකම රුපියල් ලක්ෂ 180ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් කෝටි 4ක පමණ බදු මුදලක් අය කෙරේ.

ඒ අනුව Prado 250 රථයේ මෙරට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 585ක් වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 650ක් වැනි මිලකටය.

මේ අතර ආනයනය නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් වාහන ආනයනයකරුවන් විසින් මෙරටට ආනයනය කරන ලද වාහන 300ක් පමණ හම්බන්තොට වරායේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.

මෙම වාහන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , ශ්‍රී ලංකා රේගුව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලෝක වාර්තාව පෙනි පෙනී නැවතුණු වියාන් මුල්ඩර්
Next Article මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට
Buzzer Editorial

Related Posts

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20262 Views

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

By Buzzer EditorialJuly 21, 202602 Views

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී…

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.