Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, June 30
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කරමු
News 2 Views

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කරමු

Buzzer EditorialBy Buzzer EditorialMarch 5, 2025No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත්,
සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අරණායක, සුනන්ද රඟහලේ 02 දින පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් ක⁣ළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් අපි නිසි තැනට ඇවිත් තිබෙනවා. දැන් රට නිවැරදි මාවතට ගත යුතුයි. සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් ඉන්න පුලුවන් රටක් හදන්න අපි ආරම්භ කළා. ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කරන්න, වැරදි නිවැරදි කරන්න අපි කටයුතු කළ යුතුයි. එය ආණ්ඩුවකට පමණක් කරන්න බැහැ. රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතුයි. අපේ අරමුණ වෙනුවෙන් අපි සාමූහිකව වැඩ කරන්න අවශ්‍යයි.

2024 මේ රටේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියන්න කාන්තාවන් එක මිටට ආවා. අනාගතයේ ලියැවන රටේ ඉතිහාසය අලුතින් ලියන්නට නම් කාන්තාවන් වන ඔබ නායිකාවන් ලෙස පෙරට ඇවිත් කටයුතු කරන්න ඕන.

රජය ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි අරමුණු වෙලා තිබෙන්නේ. අපි හිතන විදිහ, අපි ක්‍රියා කරන විදිහත් පිරිසිදු වෙන්න, වෙනස් වෙන්න අවශ්‍යයි. අධ්‍යාත්මිකවත්, ආකල්ප වශයෙනුත් අපි වෙනස් විය යුතුයි.

ඔබ වෙනස් වෙලා ඔබේ නිවස, ගම, රාජකාරි ස්ථානය ඉදලා වෙනස් වෙන්න අවශ්‍යයි. රට පරිවර්තනීය වෙනසකට පත්කරන්න යන ගමනේ ඔබ ඉතා වැදගත්.

අද පාර්ලිමේන්තුවේ අපි දකිනවා. විපක්ෂය අපිට වඩා මාක්ස්වාදීන් වෙලා, අපිට වඩා ලෙනින් කියවලා වගේ කටයුතු කරන්නේ.

මෙවර අය වැය අපි ඉදිරිපත් කළේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මූළික කරගෙන සියළු දෙනාට ප්‍රතිලාභ හිමිවන ආකාරයට. රාජ්‍ය, පෞද්ගලික අංශ වගේම සමුපකාරය, පුරවැසියන් සියළු දෙනා ආර්ථික කළමනාකරණයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය සේවයේ මුළික වැටුප් වසර ගණනකින් වැඩිවෙලා නැහැ නමුත් අපි මෙවර අයවැයෙන් ඒක කරන්න කටයුතු කළා. රාජ්‍ය සේවකයින් පෙරළා තම සේවය නිසිපරිදි ජනතාවට ලබා දිය යුතුයි. රාජ්‍ය සේවය ආකර්ෂණිය සේවයක් බවට පත්විය යුතුයි.

ගුරු, විදුහල්පති වැටුප දැනට ලංකාවේ තිබෙන ඉහළ වැටුප් ශ්‍රේණි අතරට ගෙනත් තිබෙනවා. අධ්‍යාපනය නගා සිටුවන්න නම් හොද අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙන්න නම් ගුරුවරුන් දැනුමෙන් වගේම ආධ්‍යාත්මාකවත් ශක්තිමත් විය යුතුයි. මේ සියල්ල අපි කරන්නේ ජනතා සේවාව ලබා දෙන ආයතන තුළ ගුණාත්මකභාවය වැඩි කරන්න.

දේශපාලන හිතවත්කම් නැතුව කිසි දෙයක් කරගන්න බැරි යුගය අපි අවසන් කළා. අද දේශපාලකයින්ගෙන් රජ්‍ය නිලධාරීන්ට දුරකථන ඇමතුම් එන්නේ නැහැ.

රජය කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් තිබෙන බාධක අපි ක්‍රමයෙන් අඩු කරමින් යනවා. රටතුළ කාන්තාවන්ට සුරක්ෂිත සමාජයක් බිහි කරන්න අපි කටයුතු කරනවා. නිවස තුල කාන්තාවන් දරණ වගකීම් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ආර්ථිකයට දායක වීමට අවශ්‍ය නිදහස ඔවුන්ට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන්, පෙර පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවය අපි සංවර්ධනය කරනවා.

කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට තාක්ෂණික පුහුණුව, නවීන දැනුම ඉක්මනින් ලබාගැනීමට අවස්ථා නිර්මාණය විය යුතුයි. ඒ මගින් ග්‍රාමීය ආර්ථිකය ශකතිමත් කරන්න අපි සැලසුම් කරමින් යනවා.

රට වෙනස් කරන්න නමි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියලා රජය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් 2026 සිට නව ප්‍රතිසංස්කරණ ගෙන එන්න කටයුතු කරමින් යනවා. ඒ සදහා අවශ්‍ය ගුරු පුහුණුව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහා සංඝරත්නය, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි,පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අරණායක ප්‍රදේශය නියෝජනය කරන ජනතා නියෝජිතයින් හා කාන්තාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Article‘INS KUTHAR’ යුද නෞකාව කොළඹ වරායට
Next Article සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිසට දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
Buzzer Editorial

Related Posts

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 28, 20262 Views

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

By Buzzer EditorialJune 28, 202602 Views

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට…

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.