ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ප්‍රතිපත්ති පැකේජයට කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයෙන් පසු ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමකට යොමුවිය යුතු බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.