Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
  • නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
  • හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
  • පාස්කු ඉරිදා එල්ල වූ  ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි 
  • සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ට්‍රම්ප්ගේ බදුවලට ලෝක නායකයින්ගේ ප්‍රතිචාර
World News 2 Views

ට්‍රම්ප්ගේ බදුවලට ලෝක නායකයින්ගේ ප්‍රතිචාර

Buzzer EditorialBy Buzzer EditorialApril 3, 2025No Comments4 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනපති ට්‍රම්ප්ගේ තීරුබදුවලට ලෝක ප්‍රතිචාරය දැන් ලැබෙමින් පවතී.

මෙම බදු පැනවීම සිදුකර තිබෙන්නේ කොවිඩ් – 19 ගෝලීය වසංගතයෙන් සහ ගෝලීය ණය අර්බුදයෙන් ලෝක ආර්ථිකය යම් ආකාරයක ප්‍රකෘතිමත්භාවයක් අත්කරගනිමින් සිටින අවස්ථාවකය. 

ඒවගේම, භූ දේශපාලනික ගැටුම්වලින් ද ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වන අවස්ථාවක ජනපති ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදුවලින් දැඩි අහිතකර බලපෑමක් එල්ලවන බව කිව යුතු නැහැ. 

එක් අතකින් මේ දක්වා ගෝලීය ආර්ථිකයේ විශාලතම අංශය (Component) විදියටත් සැලකිය හැකි අමෙරිකාවේ ආර්ථික ශක්තිය මත යැපුණු ගෝලීය වෙළෙඳ පද්ධතියට මේ බදු පැනවීම හැරවුම් ලක්ෂයක් වේ.

අනෙක් අතින් ජනපති ට්‍රම්ප්ගේ නව තීරුබදු පෙළ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාවට ප්‍රමුඛත්වය ගෙන ප්‍රවර්ධනය කළ ගෝලීය නිදහස් වෙළෙඳාමේ විනාශයට පත්කිරීමේ අවදානමක් මතුකරයි.

එහෙම කියන්නේ ජපානයේ නොමූරා පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ටකහයිඩ් කියුචි (Takahide Kiuchi) 

ජනපති ට්‍රම්ප් පැනවු නව තීරුබදු හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළ කැපීපෙනෙන පහත වැටීමක් අද වාර්තා වේ.

එහිදී ජපානයේ නිකේ කොටස් වෙළෙඳ දර්ශකය 2.8%කින් පහතවැටී ඇත්තේ මාස 8කින් අවම අගය සලකුණු කරමින්. 

එහිදී නෞකා බැංකු, රක්ෂණ සහ අපනයන ඇතුළු සියලු අංශවල සමාගම් කොටස් මිල පහත වැටීමත් දක්නට ලැබේ.

චීන ෂැංහයි කොටස් වෙළෙඳපොළ අද උදෑසනම පහතවැටී ඇති අතර හොංකොං හැන්සෙන් කොටස් දර්ශකය 1.6%කින් පහත වැටුණි. 

දකුණු කොරියානු කොටස් දර්ශකය 2%කින්ද, ඔස්ට්‍රේලියානු කොටස් 2%කින්ද පහත වැටී ඇති අතර 46%ක පරතර තීරුබදු පැනවු වියට්නාමයේ කොටස් දර්ශකය 8%කින් පහත වැටී තිබේ.

ට්‍රම්ප්ගේ බදු ප්‍රහාරයෙන් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානම ඉහළ නංවන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ආයෝජකයන් සුරක්ෂිත ආයෝජන කරා යොමුවීමෙන් ඒ බව පැහැදිලි වේ.

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,160 දක්වා අද ඉහළ ගොස් තිබේ.

ආසියානු කොටස් වෙළෙඳපොළ පහත වැටෙද්දී අමෙරිකාවේ තාක්ෂණික සමාගම් කොටස් මිලද පහතවැටී ඇත්තේ මෙම බදුවලට එල්ලවිය හැකි ප්‍රතිචාරද ආයෝජකයන්ගේ සැලකිල්ලට ලක්වීමත් සමගයි. 

ඒ අනුව ඇපල් සමාගමේ කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 240කින්ද කොටස් මිල 7%කින්ද පහළ වැටී තිබේ.

එන්වීඩියා පරිගණක චිප් සමාගමේ කොටස්මිලද  ඩොලර් බිලියන 153කින් සහ කොටස්මිල 5.6%කින් පහත වැටී තිබේ. 

නව තීරුබදු සමග අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩවල තීරුබදු සාමාන්‍යයි 22%ක් පමණ වනු ඇති බව ෆිච් රේටිංන්ස් සඳහන් කරයි.

2024 වසරේදී එම සාමාන්‍ය අගය සටහන් වුනේ 2.5%ක් විදියට.

චීනයට 34%ක පරස්පර බදු පැනවීමට පියවර ගෙන ඇත්තේ ට්‍රම්ප් දෙවැනි පාලන සමයේ පැනවු 20%ක තීරුබදුවලට අමතරවයි. 

ඒ අනුව චීනයෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා ක්‍රියාත්මක වන තීරුබදු 54% දක්වා ඉහළ අගයක් ගනී.

මේ නිසා මෙම නව තීරුබද්ද වහා ඉවත්කරගන්නා ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටි චීනය නැතහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවන බවත් අවධාරණය කරයි.

චීනයේ අයිතීන් සහ අභිලාෂයන් වෙනුවෙන් එවැනි පියවරක් ගැනීමට සිදුවන බව චීන වානිජ අමාත්‍යාංශය සඳහන් කරනවා.

වියට්නාමයට 46%ක ඉහළ තීරුබද්දක් පැනවීමෙන් – වියට්නාමය හරහා චීන භාණ්ඩ අමෙරිකාවට පැමිණීම වැළෑක්වීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කරන බව විමර්ෂකයන් පෙන්වා දෙයි.

අමෙරිකාවේ පියවර ගෝලීය ආර්ථිකය අවදානමට ලක්කරන බවද චීනය පෙන්වා දෙන කරුණක්. 

ජපානය සඳහන් කළේ මෙම තීරුබදු ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිරීති මෙන්ම ජපාන – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමද උල්ලංඝනය කරන බවයි. 

ජනපති ට්‍රම්ප් පැනවු නව බදු ලෝක ආර්ථිකයට දරුණු පහරක් බව යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලයන් ප්‍රකාශ කළේය. 

එමෙන්ම යුරෝපා සංගමය ජනපති ට්‍රම්ප්ගේ මෙම බදුවලට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බවයි ඇය සඳහන් කළාය

යුරෝපයේ ව්‍යාපාර සහ අභිලාෂයන් ආරක්ෂා කරගැනීම සඳහා එවැනි ප්‍රතිචාරයක් දැක්වීමට සුදානම් වුවත්, සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳාගැනීමට තවමත් ප්‍රමාද නොමැති බව යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලයන් අවධාරණය කළේය. 

ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය අඩාලවීමක් මෙන්ම තෙල් සඳහා ඉල්ලුම පහතවැටීමත් අපේක්ෂා කළ හැකි නිසා, ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල අද කැපීපෙනෙන ලෙස පහතවැටීමක් දක්නට ලැබුණා. 

ඒ අනුව බ්‍රේන්ට් සහ WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද අමෙරිකානු ඩොලර් 73ට වඩා අඩු අගයකට පත්වුණි. 

මේ අතර ජනපති ට්‍රම්ප්ගේ නව තීරුබදු සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අග්නිදිග ආසියාතික රටවල් ප්‍රකාශ කරයි. 

වියට්නාමය තායිලන්තය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් 6කට අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ තීරුබදු අනුපාතයක් ජනපති ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළේය.

ඉන් වැඩිම 46%ක අනුපාතයක් ප්‍රකාශයට පත්කෙරුණු වියට්නාමය, ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා කිරීම සඳහා කාර්යසාධක බළකායක්ද පත්කර තිබේ.

වියට්නාමය අමෙරිකාවට සිදුකරන අපනයනයන් එරට දළ දේශීය නිෂ්පාදනයෙන් 30%ක් පමණ වේ. 

featured Financial pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදේශබන්දු 10 වනදා දක්වා යළි රිමාන්ඩ්
Next Article නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි නියෝගය හෙට
Buzzer Editorial

Related Posts

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 18, 20261 Views

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

By Buzzer EditorialJune 18, 202601 Views

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්…

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
  • නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
  • හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
  • පාස්කු ඉරිදා එල්ල වූ  ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි 
  • සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.