‘Fast and the Furious’ චිත්රපට මාලාව හරහා අතිශය ජනප්රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට (Vin Diesel) ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කැලිෆෝනියා ආධිකරණයක නඩුවක් ද ගොනු කර තිබේ.
වින් ඩීසල්ට (Vin Diesel) චා්දනා නගා ඇත්තේ ඔහුගේ සහායට සිටි ජොනාසන් නමැති තරුණියයි. ජොනාසන් පවසන අන්දමට, වින් ඩීසල් ඇයට ලිංගික හිරිහැර සිදු කර ඇත්තේ 2010 වසරේ දී ඇට්ලැන්ටා නුවරදීය.
ඒ, වින් ඩීසල්, ‘Fast and the Furious’ චිත්රපට මාලාව පස්වැනි චිත්රපටය රූගත කළ කාලයේය.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න