Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රාජ්‍ය සේවයේ අර්බුදය
Politics 9 Views

රාජ්‍ය සේවයේ අර්බුදය

adminBy adminJune 21, 2022No Comments10 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රාජ්‍ය සේවයේ අර්බුදය ආරම්භ වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් පසුය. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම පටන් ගැනුණේ ඒත් සමගය. එහෙත් 2009 වර්ෂයේ සිට එම අර්බුදය වඩාත් තීව්‍ර විය. දූෂිත සහ අඥාන දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් රාජ්‍ය සේවයට බලපෑවේ 2009න් ඉනික්බිතිවය. දේශපාලනඥයන්ට අවැසි පරිදි රාජ්‍ය සේවය හැසිරවීම ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති තත්ත්වයක් වර්තමානයේ දැකිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයෙහි අකාර්යක්ෂමතාව ඉහළ ගොස් තිබේ. එසේම රැකියා සපයන ස්ථානයක් බවටත් පත්ව ඇත.

දේශපාලනඥයෝ කාලයක් තිස්සේ සිය ආධාරකරුවන් රාජ්‍ය සේවයට ඇතුළත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ හත හමාරක පමණ සේවක පිරිසක් සිටිය යුතු රාජ්‍ය සේවයෙහි මේ වන විට ලක්ෂ 17 ක පමණ පිරිසක් සේවය කරති.

රාජ්‍ය සේවයෙහි අර්බුදය ගැන කතා කිරීමේදී මූල්‍ය විනය පිරිහීම යන්න අමතක කළ නොහැකිය. මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්ය මූල්‍ය විනය ආරක්ෂා කිරීම වුවද අද රටේ මූල්‍ය විනයක් නැත. රජයේ ඇතැම් ප්‍රකාශනවල නිරවද්‍යතාව පිළිබඳ බරපතළ ගැටලු තිබේ. වැරදි දත්ත සහ සංඛ්‍යා ලේඛන ඇතුළත් කරමින් සකස් කරන ජනරජයේ ප්‍රකාශන සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා සංස්කෘතියක් මේ වන තෙක් නිර්මාණය වී නොමැත. ඊට දැක්විය හැකි කදිම නිදසුනක් නම් මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාය. එම වාර්තා බොහොමයක් අසත්‍ය ඒවාය. එම අමාත්‍යාංශය රාජ්‍ය ණය සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තා අසත්‍ය සංඛ්‍යා දත්ත මත පදනම් වන බව මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි. රටේ වත්මන් ණය තත්ත්වය ගැන කිසිවකුටත් නිවැරදි දත්ත ඉදිරිපත් කළ නොහැකි බවද මම කීවෙමි. එහෙත් එහිදී මා හට විරුද්ධව ඇතැම් අය ප්‍රකාශ නිකුත් කළා විනා මා කී කාරණය පිළිබඳව විමසා එය නිවැරදි කරන්නට කටයුතු කළේ නැත. අදට වුව රටේ සැබෑ ණය ප්‍රමාණය කොතෙක්ද යන්න කිසිවෙක් නොදනිති.

එසේම දළ දේශීය නිෂ්පාදිතය දළ ජාතික ආදායම ආදී ප්‍රධාන ආර්ථික දර්ශක සම්බන්ධ දත්ත ද වැරදි ඒවාය. ලංකාවේ දළ ජාතික ආදායම ගණනය කරන්නේ වියදම් පදනම මතය. එහිදී වියදම් නිසා රටේ ජාතික ආදායම වැඩි වන බවට වන සංකල්පයක් තිබේ. ප්‍රකාශිත වියදම්වලින් වැඩි හරියක් සොරකම් කර ඇත්නම් නියම ජාතික ආදායම ප්‍රකාශ වීමට ඉඩක් නැත. උද්ධමනය පිළිබඳ සංඛ්‍යා දත්ත වුව සාවද්‍ය ඒවාය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකුව ප්‍රකාශයට පත් කරන වාර්තාවල සැබෑ තත්ත්වය ද ඊට සමානය. මහ බැංකුව දූෂිත ආයතනයක් බව මේ වන විට ඔප්පු වී අවසන්ය. එහි ප්‍රධාන කාර්යය වන්නේ රටේ මූල්‍ය ස්ථායීකරණය ඇති කිරීමය. කෙසේවෙතත් දැන් රටේ මූල්‍ය ස්ථායීකරණයක් නැත. එයින් පැහැදිලි වන්නේ මහ බැංකුව සිය කාර්යභාරය නිසි පරිදි ඉෂ්ට කර නැති බවය.

රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට බලපා ඇති ප්‍රධාන හේතු දෙකකි. එකක් නම්, කාර්යසාධනය දුර්වල මට්ටමක පැවතීමය. දෙවැන්න, ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් රැකියා ලබා දීමත් කාර්ය සාධනය කවර මට්ටමක පැවතියද රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමත්ය. මේ කාරණා ද්විත්වය අතින් රාජ්‍ය සේවයට සාපේක්ෂව පෞද්ගලික අංශය ඉතා දියුණු තලයක පසු වේ. පෞද්ගලික අංශයේදී හොඳින් සේවය කරන අයට උසස් වීම් ලබා දීමත් එසේ නොවන අය සේවයෙන් ඉවත් කිරීමත් සිදු වන හෙයින් එම අංශයෙහි කාර්යසාධනය ඉතා ඉහළ මට්ටමක පවතියි. රාජ්‍ය අංශයෙහි කාර්යසාධනය ගණනය කිරීමක් සිදු නොවීමද දුර්වලතාවකි.

අද රටේ උද්ගතව ඇති අර්බුදයට රාජ්‍ය සේවයත් වගකිව යුතුය. රටට ඔරොත්තු නොදෙන තරමේ අතිවිශාල රාජ්‍ය සේවයක් පැවතීම ඊට බලපා ඇති එක් හේතුවකි.

ලංකාවේ සෑම පුරවැසියන් 18 දෙනකුටම එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටියි. එහෙත් රටවැසියන් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් තෘප්තිමත් නැත. අධික රාජ්‍ය සේවය නිසා වාර්ෂික බදු ආදායමෙන් සියයට 85 ක් පමණ රාජ්‍ය සේවය නඩත්තු කිරීම වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ.

ආර්ථික සංවර්ධනය අරබයා රාජ්‍ය ආදායම් ආයෝජනය කිරීමට රටට නොහැකි වී තිබෙන්නේ ද එබැවිනි. රට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට එම තත්ත්වය ද නිමිත්තක් වී ඇත. රාජ්‍ය සේවයෙහි අගය එකතු කිරීම හැකිළී තිබීමද  අවධානයට යොමු විය යුතු කාරණයකි. ලාභ ලැබිය හැකි රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා තිබීම නිසා එවැනි තත්ත්වයක් හටගෙන තිබේ.

ලංකාවේ පරිපාලන සේවය කල් ඉකුත් වී ඇත. පරිපාලන සේවය යාවත්කාලීන වී නොමැත. එහි නිලධාරීන් පුහුණු සැසි සඳහා විදේශගත වුවද දේශීයත්වයට ඔබින පරිදි කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට අදාළ සංස්කෘතියක් මෙතෙක් බිහි වී නැත. තවමත් ගතානුගතික ආකාරයට පරිපාලන සේවයෙහි කටයුතු සිදු වේ. එබැවින් රාජ්‍ය සේවය පාලනය කිරීම සඳහා පරිපාලන සේවය සුදුසු නොවන බව මගේ අදහසයි.

ඇතැම් දේශපාලනඥයන් අමාත්‍ය ධුරවලට පත්වීමේදී ඔවුන්ට හිතවත් ලෙක්ම්වරුන් පත් කරගැනීමට යොමු වීම ද මේ අර්බුදයට බලපා තිබේ. ඒ අනුව මේ වන විට බොහෝ අමාත්‍යාංශවල ලේකම් ධුර හොබවන්නේ එලෙස කුලියට ගෙනා පුද්ගලයන්ය. එවැනි අය අමාත්‍යාංශ ලේකම් ධුරවල රාජකාරි කටයුතු නිසි ලෙස සිදු කිරීමට නුසුදුස්සෝ වෙති. ඉංග්‍රීසි පාලන සමයේදී විනයානුකූල පදනමක් මත ඇති කළ රාජ්‍ය සේවයක් ලංකාවේ තවමත් පවතින නිසාය.

රටක පාලන තන්ත්‍රයෙහි තිබෙන වැදගත්ම කුලුන ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය සේවයයි. එබැවින් රාජ්‍ය සේවය ස්වාධීනව පැවතීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් බලලෝභී නූගත් දේශපාලනඥයෝ මෙරට රාජ්‍ය සේවයෙහි ස්වාධීනත්වය අමු අමුවේම විනාශ කළහ. දේශපාලනඥයන් කියන ආකාරයට වැඩ නොකරන රාජ්‍ය සේවකයන් විනාශ කිරීමේ ව්‍යාපෘතියක් කාලයක් තිස්සේ මෙරටේ ක්‍රියාත්මක වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිය රැකියාව ආරක්ෂා කරගෙන විශ්‍රාම යා යුතුය යන ආකල්පයට බොහෝ රාජ්‍ය සේවකයෝ අද පැමිණ සිටිති. දූෂිත දේශපාලන ක්‍රමය හමුවේ ස්වාධීන රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යෑම අද වන විට මහත් අභියෝගයක් වී තිබේ.

රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 (2) වන වගන්තිය සංශෝධනය කළ යුතුය. එහි දැක්වෙන්නේ, රාජ්‍ය සේවයේ ඉහළ සේවකයන් පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම සහ විනය පාලනය පිළිබඳ බලය අමාත්‍ය මණ්ඩලයට හිමි බවය. මේ විධිවිධානය මගින් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විෂය භාර අමාත්‍යවරයාට සහ පවතින ආණ්ඩුවට පක්ෂපාතව කටයුතු කරන තත්ත්වයකට පත් කර ඇත. ඒ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන අයගෙන් බහුතරය නූගත් සහ දූෂිත පුද්ගලයන්ගෙන් සමන්විත වන නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) අනුවගන්තිය ද රාජ්‍ය සේවයට අහිතකර එකකි. එහි දැක්වෙන්නේ, කිසියම් අමාත්‍යාංශයක් යටතේ ඇති දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ විධානයන්ට යටත්ව බවය. යථොක්ත වගන්ති දෙකෙන්ම කර තිබෙන්නේ අමාත්‍යවරුන්ට යටත්ව කටයුතු කරන අමාත්‍යාංශ ලේකම්වරුන් නිර්මාණය කිරීමකි. මූල්‍ය රෙගුලාසිවලට පවා අමාත්‍යවරුන්ට මැදිහත් විය හැකි පරිසරයක් මෙමගින් නිර්මාණය වී ඇත. එබැවින් මෙම ව්‍යවස්ථා විධිවිධානය සංශෝධනය කළ යුතුය. නැතිනම් අලුතින් අර්ථකථනය කළ යුතුය.  රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමෙහිලා මෙම වගන්ති දෙක දැඩිව බලපා තිබේ.

රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම තමන්ට ලැබුණු වරප්‍රසාදයක් ලෙස සලකා කටයුතු කිරීමට බොහෝ දේශපාලනඥයන් යොමු වීමද මේ අර්බුදයේ තවත් පැතිකඩකි. දේශපාලනඥයන්ට තනිව රාජ්‍ය සම්පත් මුදල් සොරකම් කළ නොහැකි නිසා ඔවුන් එය කරන්නේ රාජ්‍ය සේවකයන් හරහාය. එබැවින් මේ ක්‍රමයට ඉහළ රාජ්‍ය සේවකයෝ විශාල පිරිසක් හුරු ව සිටිති. අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් බහුතරයක් ඒ තැනට තල්ලු වී සිටිති. එවැනි ක්‍රියාවල නිරත රාජ්‍ය සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීමේ සංස්කෘතියක් ද මෙරට නැත.  ඒ සඳහා පියවර ගතහොත් දේශපාලනඥයෝ මැදිහත් වී එවැනි දූෂිත රාජ්‍ය සේවකයන් බේරා ගනිති.

රාජ්‍ය සේවකයන් මැදිහත් කර නොගනිමින් රාජ්‍ය සම්පත් සහ මුදල් අවභාවිත කිරීම සඳහා දේශපාලනඥයන් යොදා ගන්නා තවත් ක්‍රමයක් තිබේ. එය හඳුන්වන්නේ ඒකපාර්ශවික සැපයුම්කරුවන් තෝරා ගැනීම (Unsolicted biding) යනුවෙනි. එම ක්‍රමවේදයේදී ඉහළම මට්ටමින් ගනුදෙනු සිදු වන හෙයින් ඊට ඉහළ රාජ්‍ය සේවකයන් සම්බන්ධ වීමක් සිදු නොවේ. මේවා සම්බන්ධයෙන් රාජ්‍ය විගණන වාර්තා මගින් කොතෙකුත් අනාවරණ සිදු කර ඇතත් ඒවා වැළැක්වීමට අදාළ ප්‍රතිකර්ම කිසිවක් ගෙන නොමැත.

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවලින් නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම ද රාජ්‍ය සේවයේ මේ අඛණ්ඩ කඩාවැටීමට බලපා ඇති එක් හේතුවකි. විගණන කාර්යාලය මගින් විගණනයට බඳුන් කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) ටය. රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය විසින් කරන ලද විගණනවලට අදාළ වාර්තාවලින් සියයට එකක්වත් විමර්ශනය සඳහා  එම කාරක සභාවලට යොමු කෙරෙන්නේ නැත. විමර්ශන සිදු කළ ද ක්‍රියාමාර්ග ගැනීම අරබයා ඍජු බලයක් එම කාරක සභාවලට හිමි නොවීම ද මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපා ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රමවේදය තවදුරටත් ලංකාවට නොගැළපෙන බව මින් පැහැදිලිය. ඒ, ලංකාව දූෂණයෙන් පිරුණු රටක් නිසාය. එබැවින් දූෂිත රාජ්‍ය ආයතනවලට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම අරබයා මීට වඩා දියුණු ක්‍රමවේදයකට යා යුතුය.

විගණන පනතක් සම්මත කළද පසුගිය යහපාලන ආණ්ඩුව එහි බලය දියාරු කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගත්තේය. කෙසේවෙතත් පවතින මට්ටමින් හෝ එය තිබීම ගැන සතුටු විය හැකිය. පෙරට සාපේක්ෂව යම් වැඩකොටසක් කිරීමේ බලය එම පනතෙන් විගණකාධිපතිවරයාට ලැබී තිබේ. එහෙත් ලංකාවේ පවතින අධික දූෂණය සහ ඊට දේශපාලනඥයාගේ මැදිහත් වීම යන තත්ත්ව දෙක මත එම බලය ප්‍රමාණවත් නැත. අධිකරණ විගණනය (Court of Audit) ලංකාවට හඳුන්වා දිය යුතු යැයි මා අවධාරණය කරන්නේ එබැවිනි. එමගින් වංචා දූෂණ පිළිබඳ විගණකාධිපතිවරයා සකස් කරන වාර්තා ඍජුවම නීතිපතිවරයාට යොමු කර ඒ හරහා චෝදිත ආයතනවලට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ලැබේ. ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගැනීමට ද එයින් අවස්ථාව උදා වේ. රාජ්‍ය සේවය යම් ආකාරයකට නිවැරදි කර ගැනීමට අධිකරණ විගණනය ඉවහල් වන බව පැහැදිලිය.

රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ දුර්වල කළමනාකාරීත්වය සහ දේශපාලනීකරණයයි. වෙසෙසින්ම නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කිරීම බරපතළ ප්‍රශ්නයකි. වංචා දූෂණ සොරකම් සිදු කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දේශපාලන රැකවරණය හිමි වීමද මේ අර්බුදයේම කොටසකි. ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වංචා දූෂණ සිදු කළ බව සාක්ෂි සහිතව ඔප්පු විය. ඒ සම්බන්ධයෙන් විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුවේත් සාකච්ඡා විය. අදාළ පුද්ගලයා එම ධුරයෙන් පහ කළද දින 52 ආණ්ඩුව කාලයේ යළිත් ඔහු එම ධුරයට පත් කෙරිණි. ගිං ගඟ හැරවුම් ව්‍යාපතියේදී සිදු කර තිබූ වංචා දූෂණවලට අදාළව චෝදනා ලැබ සිටි එම අමාත්‍යාංශයේ ලේකම්වරයා රටින් පැන ගොස් සිටි අතර පසුගිය කාලයේදී යළිත් ඔහු එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබිණි. සොරකම් කරන රාජ්‍ය නිලධාරීන්ට සම්පූර්ණ ආරක්ෂාව දේශපාලන අධිකාරිය විසින් සහතික කරනු ලබන්නේය යන පණිවුඩය මෙවැනි සිදූවීම් මගින් සමාජගත කෙරේ.

රාජ්‍ය විගණනයට යටත් ඇතැම් රාජ්‍ය ආයතන විගණනය සඳහා ඉඩ ලබා දෙන්නේ නැත. ඒ අරබයා දැක්විය හැකි සුප්‍රකට උදාහරණයක් වන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් යන ආයතන ද දේශපාලන මැදිහත් වීම මත විගණනයට ලක්කිරීමට ඉඩ ලබා නොදේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයාට විගණනය කළ හැක්කේ සංස්ථාවක් සතු සමාගමක් පමණි. එහෙත් සමාගමක් සතු සමාගමක් විගණනය කළ නොහැකි බවට නීති තර්කයක් ඉදිරිපත් කළේය. සමාගම් සතු සමාගම් බිහි කරමින් රාජ්‍ය ආයතන විගණනයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් තිබේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර යළි 19 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් මේ සියලු අර්බුද නිරාකරණය වන බවට මතයක් තිබේ. එහෙත් එය අසත්‍යයකි. ඒ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඵල රහිත බැවිනි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දුන් අතර ඒවාට සාමාජිකයන් පත් කිරීම අරබයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ද පිහිටුවා තිබුණි. එහෙත් කොමිෂන් සභාවලට පත් කරන පුද්ගල නාම ව්‍යවස්ථා සභාවට පැමිණෙන්නේ කෙසේද යන්න රහසිගත කාරණයක්ව පැවතිණි. දේශපාලන අධිකාරියට අවශ්‍ය නාම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීම සිදු විය. එයින් සිදු වූයේ නුසුදුසු පුද්ගලයන් යළිත් වතාවක් කොමිෂන් සභාවලට පත් වීමය. එබැවින් යළි 19 වැනි සංශෝධනය යෝජිත 21 වැනි සංශෝධනය හරහා බලාත්මක කරන්නේ නම්, පුද්ගල නාම නිර්දේශ වීම විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමට අදාළ විධිවිධාන ගෙනා යුතුය. එසේම ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් පමණක් ඵලක් නැත. ඒ සඳහා ප්‍රසම්පාදන පනතක් ගෙනැවිත් එය ක්‍රියාත්මක කිරීමේ බලය එම කොමිෂන් සභාවට පවරා දිය යුතුය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් විගණන සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ රාජ්‍ය විගණන සේවය යනුවෙන් අලුතින් හඳුන්වා දීමට නියමිතව තිබූ විගණන සේවාවකි. එහෙත් එම විගණන සේවය මෙතෙක් හඳුන්වා දී නැත. එයින් සිදු වූයේ විගණන සේවා කොමිෂන් සභාව සුදු අලියකු බවට පත් වීමය.

දේශපාලනඥයන් නීතියට සහ මූල්‍ය රෙගුලාසිවලට යටත් කිරීම යන තත්ත්ව දෙක යෝජිත 21 වැනි සංශෝධනයෙන් ඇති කළ යුතුය.

යහපත් රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා පළමුව කළ යුත්තේ දේශපාලන මැදිහත්වීම් ඉවත් කිරීමය. රාජ්‍ය සේවය සම්බන්ධ ප්‍රතිපත්ති අමාත්‍ය මණ්ඩලය හරහා සකස් කිරීමට පමණක් දේශපාලනඥයන්ගේ රාජ්‍ය සේවය සම්බන්ධ මැදිහත්වීම පටු කළ යුතුය. ඉහතදී දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 (2) සහ 52 (2) යන වගන්ති සංශෝධනය කළ යුතුය. කාර්යසාධනය පසුවිපරම් කිරීම අරබයා ක්‍රමවේදයක් හඳුන්වා දීම ද කළ යුතුය. රාජ්‍ය විගණනය ශක්තිමත් කිරීම ද අවැසිය. ලී ක්වාන් යූ වරෙක ප්‍රකාශ කළේ ඔහු සිංගප්පූරුව දියුණු කළේ විගණනය පදනම් කරගෙන බවය. විගණනයට විරුද්ධ වන්නේ සොරුන් බව හෙතෙම ප්‍රසිද්ධියේම පැවසීය. එහෙත් ලංකාවේ දේශපාලනඥයන්ගෙන් බහුතරය විගණනයට අකමැතිය. රාජ්‍ය සේවයට අනවශ්‍ය බඳවා ගැනීම් නොකළ යුතුය. එසේම ජාතික වැටුප් කොමිෂන් සභාව අහෝසි කළ යුතුය. එයට රාජ්‍ය සේවයේ වැටුප් තීරණය කිරීමට කිසිදු නීතිමය බලයක් නැත. එහෙත් ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත ඔහුට හිතවත් පුද්ගලයන් කිහිපදෙනකු එම කොමිසමට පත් කර ගැනේ. දේශපාලන අධිකාරියේ අවශ්‍යතා මත එම කොමිසම කටයුතු කරන බවක් පසුගිය කාලය පුරාම නිරීක්ෂණය විය. මුදල් අමාත්‍යාංශයේ තිබෙන කළමනාකරණ දෙපාර්තමේන්තුවට රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ අවශ්‍ය තීන්දු තීරණ ගත හැකිය. එබැවින් මේ කොමිසම අහෝසි කර දැමිය යුතුය.

LD සටහන – උපුල් වික්‍රමසිංහ

featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසර්පයා නිදොස් කොට නිදහස් කරයි
Next Article බිලියන 14.2 ක ලාභයක්
admin
  • Website

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.