2023 වර්ෂය සඳහා රජය විසින් අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල් අදාල ව්‍යාපෘතින් සඳහා වැය කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය කළමණාකරණ සාර්ථකත්වය සියයට 100ක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2023 වර්ෂයේ කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය, ගොවීන්ට පැරෂුට් තැටි ලබා දීම, Geo Goviya යෙදවුම මගින් කුඹුරු ඉඩම් මැනීම, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම ආදි ව්‍යාපෘති රැසක් සඳහා රුපියල් මිලියන 3000ක් රජය මෙම වසරේ අයවැය ලේඛනය මගින් වෙන් කර තිබිණි.
එසේ වෙන් කරන ලද මුදලින් රුපියලක් හෝ නැවත භාණ්ඩාගාරයට හරවා යැවීමට ඉඩ නොතබමින් ඉතාමත් සාර්ථක ලෙස අදාල මුදල නියමිත ව්‍යාපෘති සඳහා නියමිත කාලයේ වැය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
එම දෙපාර්තමේන්තුවේ යහපත් මුල්‍ය කළමණාකරණය සැලකිල්ලට ගනිමින් 2024 වර්ෂය සඳහා ද මහා භාණ්ඩාගාරය විසින් තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.