එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ සංවර්ධන සහයෝගිතා සඳහා නෝර්වේජියානු නියෝජිතායතනයේ (NORAD) මූල්‍ය ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දෙයි.
FAO ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම FAO-NORAD ගෝලීය සහයෝගීතාව ශ්‍රී ලංකාවේ අවධානය යොමු කළ ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බවයි. නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීමට (IUU) එරෙහිව ශක්තිමත් වරාය හා රාජ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට හැකියාව වර්ධනය කිරීම, ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ ධීවර වටිනාකම් දාමයේ ආහාර අහිමි වීම සහ නාස්තිය අවම කිරීම යන කරුණු තුන වේ.
ධීවර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය සහ මාළු මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවයි. “ශ්‍රී ලාංකිකයින්ගේ සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් මත්ස්‍ය පරිභෝජනය හරහා ලබා ගන්නා අතර මාළු මිල ඉහළ යාම විශේෂයෙන් අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා මාළු සහ ධීවර ආශ්රිත නිෂ්පාදනවල මිලට දැරිය නොහැකි ලෙස අහිතකර අන්දමින් බලපා ඇත. බලශක්ති කාර්යක්ෂම ධීවර යාත්‍රා හඳුන්වා දීමෙන් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමෙන් මත්ස්‍ය විනාශය සහ නාස්තිය අවම කිරීමේ ක්‍රම සොයා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම අභියෝගයක් වී ඇත. FAO සහ නෝර්වේ විසින් සපයනු ලබන සහාය ඇතිව, ධීවර කර්මාන්තය මුහුණ දෙන මෙම ප්‍රධාන ගැටළු කිහිපයක් විසඳීමට අපට හැකි වනු ඇත.” යැයි ජයන්ත චන්ද්‍රසෝම මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා සහ මාලදිවයින් නෝර්වීජියානු තානාපති ට්‍රයින් ජොරන්ලි එස්කෙඩල් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා ධීවර කර්මාන්තය වඩාත් වැදගත් අංශයක් ලෙස පවතින අතර, මෙම නව සහයෝගීතාවය ශ්‍රී ලංකාව සමඟ නෝර්වේ දිගුකාලීන සහයෝගීතාවයට වටිනාකමක් එක් කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. FAO ධීවර හා ජලජීවී වගාව, ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපාය සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉමහත් දායකත්වයක් සපයයි. ඒ නිසා මේ රටේ ධීවර කර්මාන්තය සහ සුලබ සම්පත් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ආරක්ෂිත සහ තිරසාර ධීවර පරිසර පද්ධති ස්ථාපිත කිරීමට සහ තිරසාර නිෂ්පාදන සඳහා ධාරිතාව වැඩි කිරීමට අපි ඉතා උනන්දු වෙමු. මෙම නව ව්‍යාපෘතිය කාලෝචිත හා වැදගත් වන අතරම ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී සම්පත් සුරක්ෂිත කිරීමද අරමුණු කරයි”.
දේශගුණික විචල්‍යතා සහ මෑතක දී කොවිඩ්-19 වසංගතය වැනි අභියෝග රැසක් මධ්‍යයේ තම ජීවනෝපාය පවත්වා ගැනීමට අරගල කරන ධීවරයින් දැන් ඔවුන්ගේ වෘත්තිය ආර්ථික අර්බුදයේ බලපෑමෙන් කම්පා වී ඇති බව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් අවධාරණය කළේය. “තර්ජන සහ අර්බුද හමුවේ මිනිසුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ඔවුන්ගේ ජීවනෝපාය වැඩි කිරීමට FAO ක්‍රියා කරයි. මෙම දුෂ්කර කාලවලට මුහුණ දීමට සහ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ දිගුකාලීන අඛණ්ඩ පැවැත්මට ඉඩ සැලසීමට, තම පවුල සහ ජාතිය පෝෂණය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරන කුඩා පරිමාණ ධීවරයින් ආරක්ෂා කරන ආයතනික හැකියාවන් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ”යැයි ශරන් වැඩි දුරටත් සඳහන් කළේය.
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක සහ ධීවර ආශ්රිත ආයතන, පෞද්ගලික අංශය සහ විද්‍යාපීඨ නියෝජිතයින් FAO-Norway ව්‍යාපෘතියේ ආරම්භක රැස්වීමට සහභාගී වූහ. මෙම ව්‍යාපෘතිය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කළමනාකරණ විශේෂඥයින්, වෙළඳ සහ කර්මාන්ත විශේෂඥයින් ධීවරයින්ට, මත්ස්‍ය ගොවීන්ට සහ මත්ස්‍ය සේවකයින්ට සහාය වනු ඇත. ධීවර සම්පත් වගකීමෙන් පරිහරණය කිරීම තුළින් ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ සමාජ-ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම එහි අරමුණයි” රත්නායක මහතා පැවසීය.