අදින් වසර 33 කට පෙර, මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වූ අතර, නිව්යෝක් අධිකරණයක් හමුවේ ට්‍රම්ප් එම චෝදනාවලට වරදකරු විය. ට්‍රම්ප්ගේ නීතීඥවරුන් මාධ්‍ය හමුවේ පැවැසුවේ, අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවය. එල්ල වන එම චෝදනා සියල්ල ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ජීන් කැරොල් නැමැති එම මාධ්‍යවේදිනියට ට්‍රම්ප් ලිංගික අතවර කළ බව පැවැසෙන්නේ 1990 වසරේ දී ඇඟලුම් වෙළෙඳසැලක් තුළදීය. ජීන් කැරොල් ට්‍රම්ප්ට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබුණු අතර, ජූරි සභාව තීන්දු කළේ ට්‍රම්ප් වරදකරු බවටය. ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කළේය. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.