මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව එම සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ පටන් වර්ධන මාවතකට යොමු කිරීමට පදනම සකසන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.