ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි. ගැටුම් ඇවිලී ගියේ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් කන්ඩායමක් ගාසා තීරය හරහා ඊශ්‍රායල භූමියට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුවය.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේ රොකට් ප්‍රහාර 500 ක් පමණ ඊශ්‍රායලයට එල්ල වුණු බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ පුදුමයට පත් කරමින්, පලස්තීන හමාස් සටන්කාමීන් ඉතා හොඳින් සැලැසුම් කර එම ප්‍රහාරය එල්ල කළේ යැයි ද පැවැසෙයි. එම ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 40 කි.
ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළ බවත්, ඊශ්‍රායලය මේ වනවිට යුද්ධයකට මැදි වී සිටින බවත්ය. ඊහ්‍රායල ආරක්ෂක අංශ වහා හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර දකිවමින් ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ගුවනින් පහර දෙන්න පටන් ගත්තේය. මේ වනවිට ගාසා තීරයේ මියගිය ගණන 198 ක් බව පැවැසෙයි.
ඊශ්‍රායලය ඉස්ලාමීය හමාස් සටන්කාමීන් ත්රස්තවාදීන් ලෙස සැලකයි. ප්‍රහාරය එල්ල කළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද පුවත් සේවා වාර්තා කර තිබේ.
එමෙන්ම ඊශ්‍රායලය නිල වශයෙන් යුද්ධයකට පත් කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එරට අගමැති කාර්යාලය නිවේදනය කර තිබෙනබවට වාර්තා වනවා. ඒ අනුව එහිදී සැලකිය යුතු හමුදා ක්‍රියාකාරකම් සිදු කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිය ගණනක් මරා දමමින් හමාස් ත්රස්තවාදීන් දකුණු ඊශ්‍රායලයට රිංගා ගැනීමත් සමඟ රට යුද්ධයක පවතින බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා. (අල් ජසීරා)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.