වහාම ක්රියාත්මක වන පරිදි කැසිනෝ සහ සුරාබදු බලපත්ර ගාස්තු ඉහළ දමා ඇති බව මුදල් අමාත්යංශය පවසනවා. වාර්ෂික සුරාබදු බලපත්ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බවටයි එම අමාත්යංශය පවසා සිටින්නේ.
ඒ අනුව අවමය ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් සදහා කැසිනෝ බලපත්ර ගාස්තුව රුපියල් බිලියන 10ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම තල් අරක්කු හැර ස්කාගාර බලපත්ර ගාස්තුව රුපියල් මිලියන 25ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්රය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
එසේම ඩොලර් මිලියන මිලියන 500ක අයෝජනයක් සදහා කැසිනෝ බලපත්ර ගාස්තුව රුපියල් බිලියන 5ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. රා බෝතල් කිරීමේ බලපත්රය රුපියල් මිලියන 10 දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්රයද මිලියන 2.5 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.