අද (14) සිට අධ්‍යයන වර්ෂ 2023 / 2024 ට අදාළව විශ්ව විද්‍යාල සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස Online අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කරනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.