ඉන්ධන ලබාගැනීම සඳහා ගලවිලවත්ත පිරවුම්හල අසල පෝලිමේ සිටි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සොරකම් කළ 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා පාපොච්චාරණය කර ඇත්තේ තමන් ඉන්ධන සොරකම් කිරීමට බස් රථය රැගෙන ගිය බවයි.
බස් රථය ඉන්ධන පිරවුම්හලෙන් ඉවතට ධාවනය කරනු දුටු රියදුරෙකු විසින් බස් රථයේ හිමිකරුට දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු පොලිසියට දැනුම් දී තිබුණා. සිද්ධියෙන් ටික වේලාවකට පසු හිමිකරු සහ පොලිස් නිලධාරීන් බස් රථය සොයා ගොස් ඇති අතර එහිදී හෝමාගම ප්‍රදේශයේ දන්සැලක් අසල නවතා තිබූ බස් රථය හමුවී තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් බස් රථයේ හිමිකරුට දන්වා ඇත්තේ රියදුරු බාල වයස්කරුවෙකු බවයි. පසුව බස් රථය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් දෙදෙනා ඉන්ධන සොරකම් කිරීමේ අරමුණින් බස් රථය සොරකම් කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එක් සැකකරුවෙකු මීට පෙර කොට්ටාව සහ මහරගම පර්යන්තවලින් ඉන්ධන සොරකම් කිරීම සඳහා ධාවනය වූ බස් රථ දෙකක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුනරුත්ථාපනය සඳහා පරිවාස දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.