ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් ව්‍යාපෘතියක් අරඹන ශ්‍රී ලංකා යුද හමුදාව හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව (GASC) බ්‍රහස්පතින්දා (16) දින පිහිටුවන ලදී.
රට පුරා අත්හැර දමා ඇති රජයේ ඉඩම්අ ක්කර 1500කට අධික පුරන් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට අතිරේකව සහ ප්‍රවර්ධනය කිරීම සඳහා යුද හමුදාවේ මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.
පළමු අදියර ලෙස දීප ව්‍යාප්ත යුද හමුදා භට පිරිස් විසින් කෘෂිකාර්මික විශේෂඥයින්, ගොවිජන නිලධාරීන් සහ යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ කාර්යාලයේ දැනුමැති නිලධාරීන් සමඟ සාකච්ඡා කර තෝරාගත් බීජ වර්ග වගා කිරීම සඳහා වල් නෙලීම, වගා කිරීම සහ පාත්ති සකස් කිරීම මගින් එම රජයේ ඉඩම්වල පස් සකස් කරනු ඇත. දැනටමත් යුධ හමුදාව විසින් පාලනය කරනු ලබන ගොවිපළවල් 16ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලඇණි 6ක් රට වටේ පවත්වාගෙන යයි.