Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බේබි ෂෙරමි “පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක්” කෘතිය හඳුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
Financial 7 Views

බේබි ෂෙරමි “පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක්” කෘතිය හඳුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

Buzzer EditorBy Buzzer EditorFebruary 29, 2024No Comments5 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා බේබි ෂෙරමි එක්ව අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් තැනීම වෙනුවෙන් ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවනාගාරයේ දී පැවත්විය. බේබි ෂෙරමි සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළ දී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව එළි දැක් වූ මාර්ගෝපදේශ කෘතිය ඔවුනට හඳුන්වා දීම එහි දී සිදු විය.

දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා හොඳම පිළිවෙත් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම සහ නිවස තුළ දරුවාට ආරක්ෂාකාරී ළමා මිතුරු පරිසරයක් නිර්මාණය කිරීම තුළින් දරුවන් අනතුරුවලින් වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් “පුංචි පැටියාට සුරක්ෂිතම නිවහනක්” යන මාපිය මාර්ගෝපදේශ කෘතිය ළමා රෝග පිළිබඳව මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචනා කර ඇත. ජාතික ළමා ලේකම් කාර්යාලය – කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අනුමැතිය ද හිමි මෙම කෘතිය, ළමා මනසට ගැළපෙන සිත් ඇදගන්නා භාෂාවකින් රචනා කර ඇති අතර ඉතා වැදගත් කරුණු රැසක් මෙන්ම කවි සහ චිත්‍ර ආදී රසවත් බොහෝ දේ අන්තර්ගත වේ. ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ සදහා සම්පත් දායකයින් ලෙස එක් වූ අතර දරුවන්ට නිවසේ දී ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද නිළධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ දී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකාවික්‍රමසිංහ මහත්මිය විසින් මෙම පුහුණු වැඩසටහනෙහි පළමු අදියර මෙහෙයවමින් ‘ළමා අනතුරු යනු මොනවාද?, ශ්‍රී ලංකාවේ ළමා අනතුරුවල ව්‍යාප්තිය කෙසේ ද?, විවිධ ළමා අනතුරු හා ඒවා ඇති වන්නේ ඇයි?, ළමා අනතුරුවල අවදානම් සාධකයන් සහ ළමා අනතුරු වළක්වා ගැනීම’ පිලිබඳ සිය දැනුම හා වෘත්තීය අත්දැකීම් ඔස්සේ සංවර්ධන නිලධාරීන් දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නියෝජනය කරමින් මහාචාර්ය රුවන්ති පෙරේරා වෛද්‍යතුමිය මෙම වැඩසටහනෙහි දෙවන අදියර මෙහෙයවමින් නිවසේ දී සිදු වන ළමා අනතුරු නිසා වයස අවුරුදු 15ට අඩු දරුවන්ගෙන් 12,931ක ප්‍රමාණයක් රජයේ රෝහල්වලට ඇතුලත් වන බවත්, ඉන් 3.9%ක මරණ ප්‍රතිශතයක් වාර්තා වන බවත් දැක්වීය. නිවස, පාසල ඇතුළු සියලු ස්ථානයන් හි, දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් බව පිළිබඳව සියලුම පාර්ශවකරුවන් දැනුවත් කරන ලෙසත් මුල් ළමාවිය සංවර්ධන නිළධාරීන් දැනුවත් කළාය.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සපයමින් රුවන්ති පෙරේරා වෛද්‍යතුමිය,”නිවසේ දී සිදු වන අනතුරුවල දී දෙමව්පියන් ඉන් කලබලයට පත් නොවී නිසි ප්‍රථමාධාර ලබා දීමත්, අනතුරෙහි තත්වය හොඳින් හඳුනා ගෙන අවශ්‍ය අවස්ථාවල දී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තක්. දරුවා ඇද වැටීම වැළැක්වීමට ආරක්ෂිත ක්‍රමෝපායන් ‍යොදා දරුවා වෙත අවදානයෙන් සිටීම මව්පිය වැඩිහිටියන්ගේ වගකීමක්. දරුවාට වතුර පෙවිය හැකි වතුර පිරුණු භාජන දරුවාට හසු නොවන සේ තැබීම හෝ ඉවත් කිරීම කළ යුත්තක්. අනාරක්ෂිත විදුලි පේනු පිළිසකර කිරීම හා විදුලි භාණ්ඩ දරුවාට හසු නොවන සේ තැබීමෙන් විදුලි සැර වැදීමෙන් දරුවාට වන අනතුරු වළක්වයි. පිළිස්සීම්වලට ලක් විය හැකි ගෑස් හා ගින්දර, උණුසුම් ආහාර පාන, වැඩිහිටියන්ගේ බෙහෙත් හා ළදරුවාගේ ප්‍රථමාධාර, සෙල්ලම් බඩු, බිදෙන සුළු හා දරුවාට තුවාල විය හැකි පිඟන්, කෝප්ප, ඖෂධ, භූමිතෙල්, රසායන ද්‍රව්‍ය, පොහොර ආදිය ප්‍රවේසම්ව දරුවාට ළඟා විය නොහැකි සේ නිසි පරිදි අසුරා තැබිය යුතුය. සතුන්ගේ සපා කෑම්, විෂ ශරීරගත වීම්, විවිධ ද්‍රව්‍ය උගුරේ සිරවීම,නිවසේ ගෘහ භාණ්ඩ හා බර උපකරණ ඇඟ මත වැටීම යනා දී වළක්වා ගත හැකි බොහෝ අනතුරු වළක්වා ගැනීමට මව්පියන්, වැඩිහිටියන් නිසි අවධානය හා දැඩි අධීක්ෂණය යොමු කළ යුතුයි. එසේම දොර හා ජනෙල් රෙදිවල එල්ලී සෙල්ලම් කරන දරුවන්ගේ ගෙල ඉන් සිරවීමටත්, පොලිතීන්, ප්ලාස්ටික් බෑග් වැනි දෙයින් මුහුණ ආවරණය වී ශ්වසන අපහසුතා ඇති වීමටත් ඉඩකඩ පවතින බැවින් ඒවා නිසි ලෙස අසුරා තැබිය යුතුයි.” යනුවෙන් දෙමාපියන්ගේ නිරන්තර අවධානය යොමු විය යුතු අංශ පිළිබඳ පෙන්වා දුන්නාය.

අනාගත පරපුර වෙත සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීමේ උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ගෙන සිය වගකීම නොපිරිහෙලා ඉටු කරන සන්නාමයක් ලෙස බේබි ෂෙරමි හැදින්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිවෙස්වල සිදු වන ළමා අනතුරු වළක්වා ගනිමින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන්ට අධ්‍යාපනය ලබා දීමේ කර්තව්‍ය සඳහා බේබි ෂෙරමි විශේෂඥ‍යන්ගේ සහය ද ලබා ගනියි. මේ අතරින් ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය සහ මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතන සමඟින් ද බේබි ෂෙරමි අත්වැල් බැඳ ගනියි. වසර ගණනාවක් පුරා බේබි ෂෙරමි විසින් දැයේ දරුවන්ගේ සුරක්ෂිතතාව ඉහළ නැංවීම වෙනුවෙන් කළ ඇති සේවය අනගිභවනීයය.

බේබි ෂෙරමි විසින් සිදු කළ වැඩසටහන් අතර, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන්, ගැබිනි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, තොරතුරු සහිත මාපිය මාර්ගෝපදේශ පොත් බෙදා හැරීම, ඩිජිටල් මාධ්‍ය වේදිකා ඔස්සේ අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර වැඩසටහන් විශේෂඥවරුන්ගේ දායකත්වයෙන් දියත් කිරිම කැපී පෙනෙයි. මෙවන් වැඩසහන් ඔස්සේ බේබි ෂෙරමි විසින් දරුවන් අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය දැනුමෙන් දෙමාපියන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින් ළමා ආරක්ෂණය පිළිබඳව දැනුවත්භාවය සහතික කරන්නේ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි.

අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීමට දෙමව්පියන් හා වැඩිහිටියන් සාර්ථකව සවිබල ගැන්වීම සඳහා දැනුම හා අත්දැකීම් බෙදා ගනිමින්, බේබි ෂෙරමි දරු පැටියාට සුරක්ෂිත ලොවක් වැඩසටහන් ඉදිරියටත් මෙහෙයවනු ඇත.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවැට් වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයක් ගැන සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය අනතුරු අඟවයි
Next Article ජපානයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තවත් රැකියා අවස්ථා රැසක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.